Wednesday, July 19, 2017

ජන කවියෙන් පෝෂිත නූතන ගීතය







කවිය , ගීතය වනාහි මිනිසාගේ ගිනිගත් චිත්ත සන්තානය සහන් සුවයෙන් සතපවාලන දිව ඔසුවකි. එදිනෙදා ස්වකීය වෘත්තීය ජීවිතය තුළ වූ පාළුව , තනිකම ,විඩාව දුරුකර ගැනීම සඳහා තමාට රිසි පරිදි නිර්මාණය කර ගත් සතරපද කවි කලාවක් ලෙස ජන කවිය හැඳින්වේ.ගැමියන් අතර ජනප‍්‍රිය වී පරපුරෙන් පරපුරට පැවත එන ජන කවි, ජන ගීත ගැමියන්ගේ බසින් කරන ලද නිර්මාණයන් ය. පරපුරෙන් පරපුරට යන සංස්කෘතික පරිවර්තනය හේතු කොට ගෙන මූලික නිර්මාණයෙහි ස්වරූපය වෙනස් වෙමින් ප‍්‍රතිනිර්මාණ බිහි වේ.   නූතන ගීතයේ පෝෂණය සඳහාද වැඩි දායකත්වයක් ලැබුණේ ජනතාව අතර නිරතුරුවම රැඳි  මෙම ජන කවියෙනි.






සම්භාව්‍ය කාව්‍ය තුළ මෙන්ම ජන කවි තුළද සරල ලෙසින් විකාර රූපී කාව්‍ය ලක්ෂණය දැක ගත හැකිය. මේ ඊට නිදසුන් ජන කවියකි.


        ”සාවෙක් මම දුටිමි සයුරේ                      පීනනවා
         ඌරෙක් මම දුටිමි අතු අග දලූ                   කනවා
        ගෝනෙක් මම දුටිමි වත්තක අල               කනවා
        හීනෙන් මම දුටිමි පිරිමින් කිලි                 වෙනවා


මෙම විකාර රූපී කාව්‍ය ලක්ෂණය සාහිත්‍යයේදී සහෘදයාට රසයකි. ගීතයේදී කවියක මෙන් නොව විකාර රූපී වුවද එකී සංකල්පය වහා පැහැදිලි වන අයුරින් රචනා විය යුතුය. මෙකී සංකල්පය තේමා කොට ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත සකුරා මල් පිපිලා යන ගීතය එලෙස පබැඳුන සාර්ථක නිර්මාණයකි.

සකුරා මල් පිපිලා  හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ       
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු ලෙසින් මහ ? යාමේ


මින් රළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු මුදු සිංහ වලස් රැුළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ .....

     ගේය කාව්‍ය - සුනිල් ආරියරත්න
    සුසත්සරය හා සුගායනය- නන්දා මාලිනී



ගේ දොරකඩ සකුරා මල් පිපෙන්නේ නැත.රාත‍්‍රියේ හිරු පායන්නේ ද නැත.මින් රළ වෙරළේ සක්මන් කරන්නේ හෝ නාග,පිඹුරු ,සිංහ වලස් රැුල උඩු ගුවනේ පියෑඹීම හෝ කිසිදා නොවන්නකි. මෙකී සංකල්ප සියල්ල පෙර කී විකාර රූපී ගණයේ ජන කාව්‍යන්ගෙන් නිර්මාණකරුවා ලත් අත්දැකීම් ය.




ජන කවිය බොහෝ දුරට ගැමි ජනයාගේ වෘත්තීමය ජීවිතය හා ඒකාබද්ධව තිබේ.කිතුල් මල කපන්නට යන ගැමි තරුණයකු තමා පතා සිටින තරුණිය සිතෙහි මවා ගෙන ඇය යැයි කියා කිතුල්මලට අමතයි.මෙයින් පෙනෙනුයේ තම වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ගැමියාට මුළු ජීවිතයම වූ බවයි. ඊට උදාහරණ කවියකි මේ.


           ”      සිනා සිසී  දෑතින් පුටුව ගෙන                                 ලියේ
                  මුවාවට ගොසින් ඉකිබිඳ අඬන                               ලියේ
                  මම්ම නොවෙයි කල් බැන්දේ පුරුදු                         ලියේ
                  මදෙස බල බලා නාඬන්න රන්                                ලියේ 


උක්ත ජන කවිය ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාරයන් නූතන ගී පද රචනය සඳහා ආලෝකය කොට ගෙන තිබේ.පේ‍්‍රමයේ පැතිකඩක් ගීතය තුළින් ඉස්මතු කිරීමේදී ජනකවි අසා ඇති සහෘදයාගේ හදවතේ කොහේ හෝ සැඟව තිබූ සාම්ප‍්‍රදායික ලක්ෂණද මතුව එයි.


      ”   මගෙ හද මඩල මල් යහනකි                        ප‍්‍රභාවතී
          ඔබෙ හද මඩල මල් යහනකි                        ප‍්‍රභාවතී
          කටු යහනේ ඉන්නට බෑ                              ප‍්‍රභාවතී
          මල් යහනෙන් බැස පලයන්                         ප‍්‍රභාවතී  


         සිනාසිසී දෝතින් යහන සැදුව                         ලියේ
         මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව                       ලියේ
         මටම නොවෙයි කාටත් පෙම් බැන්ද                 ලියේ
         මදෙස බල බලා නාඩන්                           කුමාරියේ

ගේය කාව්‍ය - ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර
සුසත්සරය හා සුගායනය- ගුණදාස කපුගේ


කාටත් හොරා දීග ගිය තරුණියක විෂයෙහි ලියවූ ජන කවියක් රත්න ශ‍්‍රී විජේසිංහයන් සිය ගීත නිර්මාණය සඳහා ආලෝකය කොට ගෙන ඇත.


                සඳටත් හොරෙන් සඳ මුදුනෙන් සාවො                 ගියා
                ඉරටත් හොරෙන් ඉර මුදුනෙන් ගිරව්                     ගියා
                මලටත් හොරෙන් මල මුදුනෙන් බඹරු                   ගියා
                 කාටත් යොරෙන් රන් එතනා දීග                         ගියා

වස්තු විෂයෙන් පමණක් නොව එහි හෘදයාංගම බවද උකහා ගනිමින් රත්න ශ‍්‍රී විජේසිංහයන් රචනා කළ පහත ගීතය මා පිය අනවසරයෙන් විවාහ වන දියණියක පිළිබඳ ලියවූවකි.ජන කවියට වඩා නම්‍ය ගේය කාව්‍ය ලක්ෂණ පද රචනයේදී ආලෝකයකි.

        චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ   -     මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
        පාන නිවුණ සේ පාළුයි ලැයිං කාමරේ    -     මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ගේය කාව්‍ය- රත්න ශ‍්‍රී විජේසිංහ,
සුසත්සරය- රෝහණ වීරසිංහ,
සුගායනය-සුනිල් එදිරිසිංහ


විවාහ වී කලක් ගොස් දරුසම්පත් නොමැති නම් ජය සිරිමා බෝධියට ගොස් බාර වී දරුවන් පැතීම සිංහල සමාජයේ ප‍්‍රතිමානයකි.උඩ මළුවට එනතුරු ඔවුන් කාංසිය දුරු වීමට  කී කවි පැතුම් කවි නම් වේ.එවැනි කවියකි මේ.

                      අපේ ගමෙන් බත් බැඳ ගෙන තිසා වැවට       යන්ටයි
                      තිසා වැවේ රතු නෙළුමේ බත් දාගෙන          කන්ටයි
                      එතන ඉඳන් පේවි පේවි උඩ මළුවට              එන්ටයි
                      සිරිමා බෝ සාමී මට පිරිමි පුතෙක්               දෙන්ටයි


සිරිමා බෝ සාමිනි පිරිමි පුතෙක් දෙන්ටයි යන්න මූලික ධාරණාව ලෙස ගෙන රත්න ශ‍්‍රී විජේසිංහයන්
කළ පහත ගීතය ජන කවියෙන් ලත් ආභාසය ප‍්‍රකට කරන්නකි.

සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා -  සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහර පූජාවට අළුත් සහල් පුදලා     -   සිරිමා බෝ සාමී මම පිරිමි පුතෙක් පැතුවා
     
       සුසත්සරය-  රෝහණ වීරසිංහ
       සුගායනය-  නිරංජලා සරෝජිනී






කැලේ ගොසින් ඉණි කැපුවා කැත්ත දනීයන ජන කවිය රුචිර පරණවිතාන මහතා රචනා කළ බොරළු ඇනෙන පය රිදවන ගීතයට  පාදක වී තිබේ.ගීතයේ  එම කොටස මෙසේ ය.

                කැලේ ගිහින් නිදි වැරුවා - කැකුණ සඳුන් දණ්ඩ දනී
                ඒ සඳුනෙන් සිත තැවරූ  -    සුවඳ පවා සිහින වැනී

        සුසත්සරය-  රෝහණ වීරසිංහ
        සුගායනය-  දීපිකා ප‍්‍රියදර්ශනී

ඇතැම් ජන කවි එලෙසින්ම ගෙන තනුව යොදා ගායනා කරන ගීතද පවතී.රෝහණ බැද්දගේ මහතා                ජන කවියක් ගීතයක් බවට පත්කළ අවස්ථාවකි මේ.

වයිර ගොනා දන ගහගෙන අදිනකොට-මයිල ගොනා ඇද්දයි පස්සට හොරට”   

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල -    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල- මස්ථකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා   -     සසඳ සසඳ අපි මහ පාරේ යනවා


බුදුදහමේ සාරය කැටිව කරත්තකරුවන්ට දෙන උපදේශ මෙහි අන්තර්ගතය.




මීට අමතරව ජන කවියේ  නාද රටා, විරිත් , ආකෘතිය ආදියෙන් ද පෝෂණය වූ බොහොමයක් ගීත නූතන ගීත ලෝකයට දායාද වී තිබේ.පුන්සඳ ?ට ඇවිදින් හේනේ, මඬේ ලගින තාරාවන් , රුක් අත්තන මල මුදුනේ වැනි ගීත ද ජන කවියෙන් පෝෂණය ලද ගී නිර්මාණයන්ය. නූතන ගීත මඩ ගොහොරුවෙන් ඉහළට එසවුණු අර්ථයෙන් සුපෝෂිත බොහෝමයක් ගී පියුම්  ජන කවියෙන් පෝෂණය වූ නිර්මාණයන් ය. එනිසාම නූතන ගීත රචකයින් සිය පුද්ගලානුභූතිය කාව්‍යානුභූතියක් බවට පත් කිරීමේදී සාර්ථක වී තිබේ.


11 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...