Thursday, August 3, 2017

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?




 ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ඇතත් පොදුවේ ගත් කල ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි



මෙය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදුවිය හැකිය.
එනම්:
  1. නිතැත් ගබ්සාව(Spontaneous Abortion) ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණිම.
     2.ප්‍රේරිත ගබ්සාව (Induced Abortion ) බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම



ලොව මෑතකදි අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් අතිබහුතරයක් ගබ්සා කරවා ගැනීම් වලින් අවසන් වන බව විද්වතුන්ගේ මතයයි. ඵ් සදහා බලපාන ලද හේතු බොහොමයක් හදුනාගත හැකිය.


  • ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකිරීම .

  • දරැ ගැබ පිහිටන අවස්ථාවේදි එය අපේක්ෂා කළද පසුව ඇතිවන විවිධ ආර්ථික , සමාජ හෝ ‍සෞඛ්‍ය හේතුන් මත ගබ්සා වලට යොමුවීම.

  • අනපේක්ෂිත කාලයේදි සිදුවන හදිසි ගැබ්ගැනීම් .

  • තවත් දරැවෙකු නඩත්තු කිරීම පවුලේ අනෙක් දරුවන්ගේ අගතියට බලපැ හැකියැයි නිගමනය කිරිම.


ගබ්සාව පිළිබඳ ගැටලුව සැලකීමේදි අවධානයට යොමුවු ප්‍රධානම හේතුව නම් පවුල් සැලසුම් ක්‍රමවල පවතින දුර්වලතාවයන්ය. විශේෂයෙන්ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ. එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම ගබ්සාවපිළිබඳ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වි ඇත.








ගබ්සා ක්‍රමවේදයන්



සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක්(Vaccum)මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ. ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකටක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලයඉවත් කිරීමයි.(D&E) ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ.උක්ත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද හදුනාගත හැකිය. ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ‍‍ඖෂධ වර්ග කීපයකි. මේවා බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි. මේනිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක.ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ.




කික්කෝලා නිෂ්පාදනය සහ අලෙවි සැලසුම්කරණය

කික්කෝලා නිෂ්පාදනය - (KIK COLA PRODUCT) හා අලෙවිකරණය




කික්කෝලා නිෂ්පාදනය කෝලා වර්ගයේ  පානයකි. මෙම නිෂ්පාදනය එලිෆන්ට් හවුස් සමාගම විසින් හඳුන්වා දෙන ලද්දකි. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෝලා පානයක් ලෙස කික්කෝලා නිෂ්පාදනය එලිෆන්ට් හවුස් සමාගම විසින් 2010 වර්ෂයේදී වෙළපලට හඳුන්වා දෙන ලදි.

කෝක් නැතුව කෑම එපා යන තත්වයටම ලංකාවේ මිනිසුන්ගේ හිත හදන්නට කොකා කෝලා සමාගමට හැකි වුණි.ලංකාවේ මිනිස්සුද කොකා කෝලා සමාගමේ අතකොලු බවට පත් වුණි.කොකා කෝලා සමාගමේ අතකොලු බවට පත්වීම ලංකාව කෝක් දේශයක් වීමේ පෙරනිමිති පහළ වන්නට විය.


මේ නිසා ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් පිට රටට ඇදී යන්නට විය.මෙය වටහා ගත් Ceylon Cold Stocks සමාගම(එලිෆන්ට්හවුස් සමාගම) KIK Cola(කික් කෝලා) ලංකා වෙළදපලට හඳුන්වාදෙන්නේ  පිට රටට ඇදී යන මුදල් ලංකාවේම තබා ගන්නට අවශ්‍ය නිසාය.

මෙම නිෂ්පාදනය150 ml, 300ml,500ml,1500ml ප්‍රමාණයක් බීම අන්තර්ගත වන පොඩි සහ විශාල බෝතල් වීදුරු සහ ප්ලාස්ටික් යන දෙවර්ගයෙන්ම ඇසුරුම් කරනු ලැබේ. කික්කෝලා නිෂ්පාදනයේ ඉලක්ක ගත ප්‍රජාව වන්නේ අවුරුදු 10 -35  අතර ස්ත්‍රී සහ පුරුෂ  තරුණ ප්‍රජාවය. එමෙන්ම මෙහි ඉලක්කගත සමාජ ස්ථරයන් වන්නේ මධ්‍යම පාංතික සහ ඉහළ පාංතික ප්‍රජාවයි. පාරිභෝගිකයාගේ මනස තුළ නිෂ්පාදනය පිළිබ  ඉහළ ප්‍රතිරූපයක් ඇති කිරීම සහා තේමා පාඨයන් යොදා ගෙන ඇත.


බිඳුවක් නෑරම ලාංකිකයි  -  “ Lankan to the  last drop ” 




කික්කෝලා නිෂ්පාදනයේ අලෙවිකරණ සන්නිවේදන සැලසුම පිළියෙළ කිරීමේදී පාරිභෝගිකයා සහ ව්‍යාපාරය යන දෙපාර්ශවයම නියෝජනය වන පරිදි අලෙවිකරණ අරමුණු ගොඩ නැගිය යුතු ය.අලෙවිකරන සන්නිවේදන  සැලසුම් සැකසීමේදී අලෙවිකරණ මිශ්‍රිතය, සන්නිවේදන මිශ්‍රිතය පාරිභෝගිකයා සහ ව්‍යාපාරය යන දෙපාර්ශවය උදෙසාම නිර්මාණය කිරීම වැදගත් වේ.පාරිභෝගිකයා  උදෙසා දැන්වීම්කරණය,මහජන සම්බන්ධතාවය,විකුණුම් ප්‍රවර්ධනය හා පෞද්ගලික අලෙවිය යන සන්නිවේදන මිශ්‍රිතයේ අංග භාවිතා කරනු ලැබේ. ව්‍යාපාරය සහා දැන්වීම්කරණය,සෘජු අලෙවිකරණය, පෞද්ගලික අලෙවිය සහ මහජන සම්බන්ධතාවය යන සන්නිවේදන මිශ්‍රිතයේ අංග භාවිතා කිරීම වැදගත් වේ.

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...