Thursday, August 3, 2017

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?




 ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ඇතත් පොදුවේ ගත් කල ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි



මෙය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදුවිය හැකිය.
එනම්:
  1. නිතැත් ගබ්සාව(Spontaneous Abortion) ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණිම.
     2.ප්‍රේරිත ගබ්සාව (Induced Abortion ) බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම



ලොව මෑතකදි අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් අතිබහුතරයක් ගබ්සා කරවා ගැනීම් වලින් අවසන් වන බව විද්වතුන්ගේ මතයයි. ඵ් සදහා බලපාන ලද හේතු බොහොමයක් හදුනාගත හැකිය.


  • ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකිරීම .

  • දරැ ගැබ පිහිටන අවස්ථාවේදි එය අපේක්ෂා කළද පසුව ඇතිවන විවිධ ආර්ථික , සමාජ හෝ ‍සෞඛ්‍ය හේතුන් මත ගබ්සා වලට යොමුවීම.

  • අනපේක්ෂිත කාලයේදි සිදුවන හදිසි ගැබ්ගැනීම් .

  • තවත් දරැවෙකු නඩත්තු කිරීම පවුලේ අනෙක් දරුවන්ගේ අගතියට බලපැ හැකියැයි නිගමනය කිරිම.


ගබ්සාව පිළිබඳ ගැටලුව සැලකීමේදි අවධානයට යොමුවු ප්‍රධානම හේතුව නම් පවුල් සැලසුම් ක්‍රමවල පවතින දුර්වලතාවයන්ය. විශේෂයෙන්ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ. එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම ගබ්සාවපිළිබඳ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වි ඇත.








ගබ්සා ක්‍රමවේදයන්



සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක්(Vaccum)මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ. ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකටක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලයඉවත් කිරීමයි.(D&E) ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ.උක්ත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද හදුනාගත හැකිය. ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ‍‍ඖෂධ වර්ග කීපයකි. මේවා බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි. මේනිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක.ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ.




16 comments:

  1. කාලීන සමාජ ගැටලුවක් පිළිබඳ බහුවිෂයික දෘෂ්ටියකින් ඉදිරිපත් කළ විවරණයකි..�� ����

    ReplyDelete
  2. මං දකින්නේ අපි අද කතා කළයුතුම දෙයක් ඔයා ⁣අවධාරනය කරලා තියනවා

    ReplyDelete
  3. මෙම සමාජයේ කොකොයිතරම් දියුණු ක්‍රමවේදයන් තිබුණත් එය මනුෂ්‍ය පරිහානියක් මෙන්ම එක අතකින් මනුෂ්‍ය ඝාතනයෙන් තමනුත් කොටස් කරුවෙකු ද වන්නේය .

    ReplyDelete
    Replies
    1. ඔබෙග් අදහස අනුමත කරනවා.නමුත් පුරුෂයින් නිසා අසාධාරණයට ලක්වන කාන්තාවන්ට අැතැම් අවස්ථාවල ගබ්සාව සදහා ඉඩ ලබා දිය යුතු යි

      Delete
  4. සමාජයට වටින කාලීන අදහසක්. කොහොම වුණත් ගබ්සාව අනුමත කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒත් දූෂණයට ලක්වන කාන්තාවන්ට ගබ්සාව සදහා ඉඩ ලබා දිය යුතු යැයි මම අදහස් කරනවා

      Delete
  5. Tropical,Good job budy...wish u all the best...

    ReplyDelete

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...