සංවර්ධනය හා
සන්නිවේදනය
රාජ්‍යයන්ගේ සංවර්ධනය ඒකාකාරීව නොපවතී.එය විටෙක වර්ධනීය ලෙසත් තවත් විටෙක පරිහානීය ලෙසත් දකින්නට ලැබේ.රටක් මානව හා භෞතික යන දෙයංශයෙන්ම
සංවර්ධනය කරා යාම එම රටෙහි ජාතික සංවර්ධනය යනුවෙන් හැඳින් වේ.එම ජාතික සංවර්ධනය
සඳහා ගමන් කිරීමට සන්නිවේදන ප‍්‍රවේශයන්
අනුගමනය කිරීම සංවර්ධන සන්නිවේදනය යනුවෙන්
හැඳින් වේ.
සංවර්ධනය සඳහා
සන්නිවේදනය යන සංකල්පය මුලින්ම හඳුන්වා දුන්නේ 1950 දශකය අගභාගයේදී
පමණය.ඒ යුනෙස්කෝව විසිනි.එහෙත් සංවර්ධන සන්නිවේදනය යන යෙදුම මුල් වරට භාවිතා කරන ලද්දේ 1970 දශකයේදීය.
මෙම සංවර්ධන සන්නිවේදනය පිළිබඳ නව සංකල්පය ආසියා, අප‍්‍රිකා, ලතින්
ඇමරිකානු හා කැරිබියානු රටවල් මහත් උනන්දුවක් ඇති කරලීමට සමත් විය.
සංවර්ධනය වන
රටවලින් මෙම සංකල්පය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේ පිලිපීනයයි.පිලිපීන රාජ්‍ය
විශ්වවිද්‍යාලයේ ලෝස් බානියෝස් සංවර්ධන සන්නිවේදන අංශයක් 60 දශකයේ අග
භාගයේ දී ඇති කෙරුණි.මෙහි මූලිකත්වය ගෙන ක‍්‍රියා කළ නෝරා කබ්රාල් සංවර්ධන
සන්නිවේදනයට මනා අර්ථකථනයක් ලබා දුන්නේය.ඒ අනුව පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය
විසින් 1960 දශකයේ අග
භාගයේ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් කළ අර්ථකථනය මෙලෙස දැක්විය හැකිය.
”රටක වේගවත්
වෙනසක් ඇති කිරීමට යොදාගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාවක් වේ.ඒ
මඟින් රටක පුළුල් ලෙස ආර්ථික හා සමාජ සමානාත්මතාවය ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා
පුළුල් ලෙස සපුරාලිය හැකිය.”
මේ අනුව
සංවර්ධන සන්නිවේදනය යන්නෙන් අදහස් කෙරෙන්නේ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්
සන්නිවේදනය භාවිතා කිරීම බව පැහැදිලි ය. සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රජාව
සහභාගී කරවා ගැනීමට යොදා ගන්නා පොළඹවන සුළු උපාය මාර්ගයක් වශයෙන් සංවර්ධන
සන්නිවේදන සංකල්පය බිහි වූ බව පෙන්වා දිය හැකි ය.
සංවර්ධනය
මැනීම සඳහා වර්තමානයේ භාවිතා කරන නිර්වචනය වන්නේ ,
” ආර්ථික සාධකය පදනම් කොටගෙන සංඛ්‍යානමය මිනුම් දඬු
ඔස්සේ සංවර්ධනය මැනිය නොහැකිය.මානසික සහනය ,අධ්‍යාත්මික දියුණුව ,චිත්ත ප‍්‍රීතිය
වැනි ගුණාත්මක සංරචක ඔස්සේ සංවර්ධනය හඳුනා ගත යුතුය.තොරතුරු ම`ගින් ජනතාව
දැනුවත් භාවයට පත් කරමින් ඒ අනුව ප‍්‍රජාව බල ගැන්වීම ඔස්සේ ප‍්‍රජාව පාලනයට
සම්බන්ධ වීම සංවර්ධනයයි.
- තොරතුරු,
- දැනුවත්භාවය,
- බලගැන්වීම,
- පාලනයට සම්බන්ධවීම,
- සංවර්ධනය
කෙසේ වුවත් වර්තමානයේ සංවර්ධනය ක‍්‍රියාවලියට
ජනතාව සහභාගි කරවා ගැනීමටත් ,ජනමත නිර්මාණයටත් ඇති ශක්‍යතාව ජන මාධ්‍යයට
සාපේකෂව නව මාධ්‍ය සන්නිවේදනයට පවතින බව අවිවාදයෙන් පිළිගත යුතු ය.
tnx
ReplyDeletetnx
ReplyDeleteවිෂය කරුණුත් අන්තර්ගත නිසා සිසුන්ටත් වැදගත්
ReplyDeletetnx duminda malli
Deleteවිෂය කරුණුත් අන්තර්ගත නිසා සිසුන්ටත් වැදගත්
ReplyDeletetnx
ReplyDeleteValuable
ReplyDelete