වත්මන් ගීත කලාවේ අර්බුදය
ජීවිතය හරියට ගීතයක් වගේ.ජීවිතය ගීතයක් වූ කල එයට අරුතක් ගෙන එන්නේ අත්දැකීම්. ජීවිතයේ ගතවී යන
කාලය කලාත්මකව හසුකර ගනිමින් එය අපූර්ව
ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ගීතයට ඇත්තේ ඉමහත් හැකියාවක්.එනිසා ම ගීතය කියන්නේ
රිදුණු , තැවුණු , බිඳුණු ,
සැනසුණු සිත් සතන් නිවා සනහාලන දිව
ඔසුවක්.

වත්මන් සමාජ සංදර්භය සංකීර්ණය.සියල්ල රුපියල් සත මත
තීරණය වන ෆැන්ටසි සමාජයක් උදා වී තිබේ.එම සමාජ ක්‍රමය තුළ අද ගීතයේ
කලාත්මක මිහිරියාව විඳිනවා වෙනුවට අද ගීතය ඇත්තේ විඳවන්නටය.බෙර
ගණයේ වාද්‍ය භාණ්ඩයකට නටන්නට අත් පා සොළවන හරසුන් ගීත කලාවක් තරගකාරීව බිහිවෙමින්
පවති.එම ගීතයේ විඳින්නට දෙයක් නැත.සංයමයක්ද නැත.පුද්ගල රසඥතාවය වර්ධනය
කරන්නා වූ පරිකල්පනීය ශක්තියක් වත්මනේ බොහෝ ගීතවල නැත.හුදු විලාප , අදෝනා පමණක් ඇසෙන එම ගීතයන් කලාත්මක හා නිර්මාණාත්මක
අතින් අර්බුදයකට ලක්ව තිබේ.එනිසා සහෘද ශ්‍රාවකයාට වත්මනේ ගීත විඳිනවා
වෙනුවට විඳවන්නට සිදුව තිබීම කණගාටුවට කරුණකි.
ගීතය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන විෂුවල් දර්ශන ඔස්සේ
දෘශ්‍ය මායාවකින් ඇස පිනවා සතුටු කරන්නට ගීත කලාව ව්‍යාපාරයක් කර ගත් ඇතැම් අශ්ලීල
නිර්මාණකරුවෝ ක්‍රියාකරති.එයින් සහෘද ශ්‍රාවකයා දෘශ්‍ය මායාවක ගොදුරුකරුවන් වනවා විනා පරිකල්පනීය ඥානයකින්
ගීතය ආත්මීයව රසවිඳින්නෙකු වන්නේ නැත. එහි බරපතල ස්වභාවය වන්නේ කිසිදු
සංවේදීභාවයකින් තොර යාන්ත්‍රික රෝබෝ මිනිසකු නිර්මාණය වීමයි.
එබැවින් අදත් හෙටත් මතුවටත් අවශ්‍ය වන්නේ හරසුන් ගීත
මඩගොහොරුවෙන් ඉහළට එසවුණු අර්ථයෙන් සුපෝෂිත ගීපියුම් විනා කලාත්මක බවින් පිරිහුණු වාණිජමය
ගීත කලාවක් නොවේ.
ada thiyenne geetha kalawakda kiyana eka gataluwak neda?
ReplyDeleteada thiyenne marketing .creative nirmana hari adui
ReplyDeletegood .
ReplyDeletetnx
ReplyDelete