Wednesday, July 19, 2017

ආකර්ෂණය,තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය

මානව සම්පත් කළමනාකරණ කාර්යයන්





ආකර්ෂණය


ආයතනයේ රැකියා සඳහා යොමුවීමට රැකියා අපේක්ෂකයන් තුළ උත්තේජනයක් ඇති කළ යුතු ය.ආකර්ෂණයේදී ආයතනයේ රැකියා ඇබෑර්තු පිළිබඳව මහජනතාව දැනුවත් කෙරේ.මෙහි  සැබෑ අරමුණ වන්නේ නියමිත සුදුසුකම් ඇති අයදුම්කරුවන් පොළඹවා ගැනීම මිස අවශ්‍ය සුදුසුකම්වලට වඩා වැඩි හෝ අඩු සුදුසුකම් ඇති පුද්ගලයින් පොළඹවා ගැනීම නොවේ.

ආයතනයේ තනතුරු සඳහා ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා වඩාත් යෝග්‍ය හා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ආකර්ෂණය කරගැනීමට ආයතනයේ මානව සම්පත් කලමනාකරණ අංශය ක්‍රියාකරනු ලබයි.ඒ සඳහා පහත ක්‍රියාවලිය අනුගමනය කරයි.

·        ආයතනයේ පවතින සේවක ඇබෑර්තු හඳුනාගැනීම.
·        සේවකයින් ආකර්ෂණය ඇති කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම්කිරීම.
·        සංවිධායක මණ්ඩලය ඒ පිළිබඳ තක්සේරුවකට පැමිණීම.
·        දැන්වීම් නිර්මාණය කිරීම.
·        
      ආකර්ෂණ ක්‍රමවේදයන් .

·        ආකර්ශන ක්‍රමවේදය තෝරා ගැනීම හා ක්‍රියාත්මක කිරීම.

ආකර්ෂණ ක්‍රමවේදය

විධායක මට්ටමේ තනතුරු සඳහා
         
     දැන්වීම් මගින්
          (සිංහල,ඉංග්‍රීසි ,දෙමළ පුවත්පත්,     අන්තර්ජාලය හරහා )


විධායක මට්ටමෙන් පහළ තනතුරු සඳහා
·        
     දැන්වීම් මගින්
·        අභ්‍යන්තර සේවකයන් මගින්

එසේ ලබා ගන්නා අයදුම්පත් සංචිතයක් ඇති කර ගැනීම මෙම ක්‍රියාවලිය තුළ සිදු කරනු ලබයි.




තෝරා ගැනීම


රැකියාව සඳහා සේවකයින් ආකර්ෂණය කිරීම හරහා ඉස්මතු කරගත් අයදුම්කරුවන් සංචිතයෙන් ආයතනයේ ඇබෑර්තු පිරවීමට වඩාත්ම සුදුසු හා යෝග්‍ය අයදුම්කරුවන් හඳුනාගැනීම මෙහිදී සිදුකරනු ලබයි.

·        රැකියාව සඳහා අයදුම් කරන ලද අයදුම්පත් අතුරෙන් වඩාත් සුදුසු අයදුම්පත් තෝරා ගැනීම.

සම්මුඛ සාකච්ඡාවට කැඳවීමට නියමිත අයදුම්කරුවන් තක්සේරු කිරීම.

·        සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට අදාළව සියලු ක්‍රියාදාමය පිළිබඳ සැලසුමක් සැකසීම හා තෝරා ගත් අයදුම්කරුවන් ඒ පිළිබඳ දැනුවත් කිරීම.(දිනය ,ස්ථානය, වේලාව,රැගෙන ආයුතු දෑ ආදිය සඳහන් කොට ලිපි මගින් දැනුවත් කිරීම.)

·        නියමිත පරිදි සම්මුඛ සාකච්ඡා පැවැත්වීම.(කේවල,සමූහ, ව්‍යුහගත)

·        සම්මුඛ සාකච්ඡාවෙන් සමත්වන පිරිස සඳහා විභාගයක් පැවැත්වීම.

·        ඉන් පසු සුදුසු සේවකයින් බඳවා ගැනීම සිදු කරනු ලබයි.

තෝරා ගැනීමේ අදියරේදී අයදුම්කරුවන් පහත සඳහන් කාරණා මත ඉවත්වීම සිදුවිය හැකි ය.

·        අයදුම්පත් තෝරා ගැනීමේදී
·        සම්මුඛ සාකච්ඡාවෙන්
·        පසුතල පරීක්ෂණයෙන්
·        පවත්වනු ලබන විභාගයෙන්
·        වෛද්‍ය පරීක්ෂණයෙන්





බඳවා ගැනීම


ආයතනයේ පවතින්නා වූ ඇබෑර්තු පිරවීම පිණිස තෝරා ගන්නා ලද සුදුසුකම් ලත් අයදුම්කරුවන් අතුරින් වඩාත්ම සුදුසු අයදුම්කරුවන් සේවා නියුක්තියට ඇතුළත් කර ගැනීම මෙම ක්‍රියාවලියේදී සිදු කරනු ලබයි.බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ පහත ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනු ලබයි.

·    සුදුසුකම් සපුරා තේරී පත්වු අයදුම්කරුවන් නව රැකියාව සඳහා තේරි පත්ව ඇති බව ලිඛිතව දැනුම් දිම

·        තේරි පත්ව ඇති සේවකයින් රැකියාව පිළිගනියි ද නැද්ද යන්න පිළිබඳ සොයා බැලිම.

·        රැකියාව පිළිගන්නේ නම් ඔවුන් ආයතනය වෙත සම්බන්ධ කර ගැනීම.

·        නවක සේවකයින්හට පත්වීමේ ලිපිය සැකසීම හා එය ලබාදිම

   
     ආයතනයට බඳවා ගැනිමේදී  මානව සම්පත් අංශය වෙත පහත ලියකියවිලි ලබා දිය යුතුවේ.

·        
     උප්පැන්න සහතිකයේ පිටපත
·        අදාළ පොළිස් බල ප්‍රදේශයෙන් ලබා ගන්නා ලද පොලිස් වාර්තාව
·        ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
·        අධ්‍යාපන සහතිකවල පිටපතක්
·        සහතික කරන ලද ඡායාරූප 4ක්
·        ග්‍රාමසේවක සහතිකය
·        වෛද්‍ය වාර්තාව


ආයතනය තුළ මෙන්ම රටෙහි එම කාල සිමාව තුළ ස්ථාපිත හා ක්‍රියාත්මක වන නීතිරිතිවලට අනුකුලව ක්‍රියා කළ යුතු ය.


සේවක බඳවා ගැනීමෙන් පසුව එම සේවකයින්ට අදාළව සේවක ලිපි ගොනුවක් සැකසීම සිදු කරනු ලැබේ.


ආයතනයට බඳවා ගනු  ලබන සෑම  නවක සේවක සේවිකාවක්ම ආයතනය විසින් තීරණය කරන පරිවාස කාලයකට යටත් විය යුතු වෙයි.එම කාල සීමාව තුළ සේවක සේවිකාවන්ගේ පැමිණීම ,කාර්යක්ෂමතාවය ,විනය හා හැසිරීම, කාර්ය ක්ෂේත්‍රයෙහිලා දක්වන දක්ෂතාවය ආදී කරුණු සම්බන්ධයෙන් සිදු කරනු ලබන සේවා ඇගයීම පදනම් කරගනිමින් සේවය ස්ථීර කිරීම,පරිවාස කාලය දීර්ඝ කිරීම හෝ සේවය අවසන් කිරීමේ අයිතිය කළමනාකාරීත්වය  සතු වේ.බොහෝ විට මෙම ආයතනය තුළ නවක සේවකයින් මාස 03 ක පුහුණු කාලයකට යටත් කරනු ලැබේ.





අනුස්ථාපනය


මෙහිදී ආයතනයට බඳවා ගත් නවක සේවකයින්ගේ රැකියාවෙහි පවත්නා රාජකාරී හා වගකීම්, රැකියා පරිසරය ,ප්‍රධානියා සහ සෙසු සේවකයින් ,ආයතනයේ සංවිධාන ව්‍යුහය,මෙන්ම ආයතනයේ ප්‍රතිපත්ති,නීති රීති පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරනු ලබයි.එල්.බී.ෆිනෑන්ස් මූල්‍ය සමාගම පහත සඳහන් පරිදි සේවක අනුස්ථාපනය සිදු කරයි.


·        හඳුන්වාදීමේ වැඩ සටහන් මෙහෙයවීම.
·        
     සියලුම ශාඛාවල සේවකයින්හට ප්‍රධාන ආයතනික මූලස්ථානයේ රැස්වීම් හා වැඩ සටහන් පැවැත්වීම.
·   
     ආයතනයේ  කළමනාකරණය විසින් ආයතනයේ ඉතිහාසය, නිෂ්පාදන, ප්‍රතිපත්ති, නීතිරීති, අරමුණු,ආයතනයේ ඉලක්ක,දැක්ම ආදිය පිළිබඳ  සේවකයන් හට අවබෝධයක් ලබා දීම.

     සේවයේ නියුක්ත කරවීම.

·        සේවකයින්හට නව ආයතනික පරිසරයට අනුගතවීමට අවශ්‍ය කාලය හා ඉඩ ප්‍රස්ථා ලබාදීම.
·       
            සිය කාර්යයන් මනාව හුරුවීමට හා දිගුකාලීනව ක්‍රියාකිරීමට අවශ්‍ය පුහුණු අවකාශ හා වෘත්තීය මාර්ගෝපදේශණයන් ලබාදීම.


නවක සේවක සේවිකාවන් ආයතනයට බඳවා ගත් පසු  නිසි පරිදි ඔවුන් රැකියාවට අනුගත වන තෙක් සියලු ක්‍රියාකලාපයන් මෙහෙයවමින් අනුස්ථාපනය කිරීම සිදු කරනු ලබයි.



මානව සම්පත් කළමණාකරණ කාර්යයන් අතුරින් ආකර්ෂණය,තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය  වැදගත් මානව සම්පත් කළමණකරණ කාර්යයන් බව දැක්විය හැකිය.

11 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...