Saturday, June 24, 2017

සංචාරක මාර්ගෝපදේශනය
Tour   Guiding



සංචාරක ගමනාන්ත වශයෙන් කටයුතු කරන ලෝකයේ සෑම රටක්ම පාහේ සංචාරක මාර්ගෝපදේශකයන්  විසින් සංචාරකයන්ටත් එරට සංචාරක ව්‍යාපාරයටත් මහඟු සේවයක් ඉටු කරනු ලැබේ. බොහෝ රටවල සංචාරකයින් අදාළ සංචාරක ගමනාන්තයට ළා වූ අවස්ථාවේ දී හමුවන ප්‍රධානතම පුද්ගලයා වනුයේද සංචාරක මාර්ගෝපදේශක වරයෙකි. එසේම සංචාරකයා අදාළ සංචාරක ගමනාන්තයේ ගත කරන මුලු කාලය තුළදී ළංව කතා කිරීමට, ආශ්‍රය කිරීමට හා සම්බන්ධතා පැවැත්වීමට ලැබෙන එකම පුද්ගලයා විය හැක්කේ ද සංචාරක මාර්ගෝපදේශක වරයකි.




සංචාරක මාර්ගෝපදේශකවරයෙකු විසින් ඉටු කරනු ලබන කාර්යභාරය නිල නොලත් තානාපතිවරයෙකුගේ කාර්යභාරයට සමාන විය යුතු බව අමුතුවෙන් සහන් කළ යුතු නොවේ.ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට සංචාරකයන් ආකර්ෂණය  කර ගැනිම සහා ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් වශයෙන් සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඉටුකරනු ලබන සේවය යොදාගත හැකි ය. සංචාරක මාර්ගෝපදේශකයකු මැනවින් තම සේවය ඉටු කිරීම තුළින් සංචාරකයා හරහා  කටින් කට යන ප්‍රචාරය  අද ශ්‍රී ලංකාව පිළිබව ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් වී ඇති බව ද අමතක කළ යුතු නොවේ.



1986 සංචාරක මාර්ගෝපදේශකයන්ගේ නීති සංග්‍රහයට අනුව ශ්‍රී ලංකාවේ දී සංචාරක මාර්ගෝපදේශකයන් කාණ්ඩ හතරක් යටතේ බලපත්‍ර නිකුත් කෙරේ.ඒවා පහත පරිදි වේ.

·         ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය

·         සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්ය

·         ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය

·          ස්ථානීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය


සංචාරක මාර්ගෝපදේශවරයා චාරිකා උපදේශකවරයෙකු, තොරතුරු සපයන්නෙකු, සංවිධායකයෙකු, චාරිකා මෙහෙයුම්කරුවෙකු හා සංචාරකයන් උනන්දුකරන්නෙකු  වශයෙන් බහුවිධ කාර්ය භාරයක් ඉටු කරන්නෙකි.


සංචාරක මාර්ගෝපදේශකයෙකු සතුවිය යුතු ගුණාංග රැසක් පවතී.



            අධ්‍යාත්මික ගුණාංග

අවංකකම, චාම්කම, අභිමානය, විශ්වාසවන්ත භාවය
           
              බුද්ධිමය ගුණාංග

තොරතුරු ඒකරාශි කර ගැනීමේ උනන්දුව හා තම රට පිළිබව තොරතුරු හොඳින් දැන සිටීම.මෙන්ම නිර්මාණශීලි හැකියාව
                                                                                                                                                                            වෘත්තීමය ගුණාංග



අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, නිවැරදි හා හදිසි තීරණ ගැනීමේ හැකියාව,තමන්ගේ සංචාරක කණ්ඩායම සංවිධානාත්මකව මෙහෙයවීමේ හැකියාව ,අවශ්‍ය වන කවර විෂයක් පිළිබ වුව ද මැනවින් තොරතුරු කියාදීමේදී සංචාරකයින්ගේ අවධානය රවා ගැනීමේ හා ඔවුන් නිවැරදිව ස්ථාන ගත කර ගැනීමේ හැකියාව.
 පැවතිය යුතුය.


සංචාරකයන් සම යහපත් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම තුළින් එම සංචාරකයන් නැවත නැවතත් තම රටට ගෙන්වා ගැනිමට සාර්ථක සංචාරක මාර්ගෝපදේශවරයෙකුට හැකියාව ලැබේ.

එසේම සංචාරකයා ආගනතුකයකු සේ පිළිගෙන මිතුරකු සේ සමුගන්න යන්න සෑම සංචාරක මාර්ගෝපදේශකයකුගේම හේතු පාඨය විය යුතු ය.ඒ තුළින් සංචාරක ව්‍යාපාරය තුළින් අපේක්ෂිතාර්ථ සාර්ථක ලෙස මුදුන්පත් කර ගැනීමට හැකියාව පවතී.








Friday, June 23, 2017

සංචාරක ආකර්ෂණය දිනාගත් ලොව අටවන පුදුමය

සංචාරක ආකර්ෂණය දිනාගත් ලොව අටවන පුදුමය




ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය විදහාපාන සීගිරිය,වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටවෙනි පුදුමය ලෙසට නම් දරා ඇත.පළමුවන කාශ්‍යප රජු මෙහි නිර්මාතෘවරයා  වේ.සීගිරිය ඔහුගේ රාජධානිය ලෙස ගොඩ නගා ගෙන තිබේ.මහා පවුරු, දිය අගල් , ආරක්ෂා කුටි, ස්වභාවික ගල් ආරක්කු වැනි ඉපැරණි නටඹුන් රාශියකින් සමන්විත වන සීගිරිය හෙළ උරුමය විදහාපාන කලාගාරයකි.යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුම සංකල්පය යටතේ 73 වන ලෝක උරුම ස්ථානය ලෙස සීගිරිය නම් කර තිබේ.ඓතිහාසික, වාස්තු විද්‍යාත්මක, කලාත්මක හා භූ විද්‍යාත්මක මෙන්ම උද්‍යාන නිර්මාණකරණය ,ජල තාක්ෂණය රටාව වැනි විශිෂ්ටතාවන්ගෙන් යුක්ත වීම ඒ සහා හේතු සාධක විය.ස්වභාවික පරිසරය සහ මානව චින්තනයන් සමබරව සංකලනය කරමින් ඉදිරිපත් කිරීමේ හැකියාව දේශීය ශිල්පියා  තුළ තිබූ බව සීගිරිය තුළින් මනාව දිස් වේ.



සීගිරියේ ඓතිහාසික වටිනාකම ප්‍රාල් ඓතිහාසික යුගය දක්වා දිව යයි.සීගිරියේ පුරාවිද්‍යාත්මක හා පාරිසරික වැදගත්කම සළකා 1998 වර්ෂයේ ජාත්‍යන්තර උරුමයක් ලෙස යුනෙස්කෝ  ප්‍රඥප්තිය  යටතේ ලියාපදිංචි විය.මේ හේතුව නිසා සීගිරිය නැරඹීමට පැමිණෙන්නන්ගේ  ප්‍රමාණය මෙන්ම අවධානය ,කුතුහලය හා දැනුම ලබා ගැනීමට යොමුවන පිරිස වැඩිවන්නට විය.

1982 දී සංස්කෘතික ත්‍රිකෝණය පිහිටුවීමෙන් පසුව  සීගිරියේ පර්යේෂණ කටයුතු ඇරඹීම සමග සීගිරිය අවට උප නාගරික  හා ඇතුල් නාගරික .ජනාවාස භූමි දර්ශනය හා පෞරාණිකත්වය පිළිබ දැනුම පුලුල් විය.මෙම දැනුම් සම්භාරය සීගිරිය නැරඹීමට එන සංචාරකයින්ට සන්නිවේදනය වනවාද ගන්න ගැටලුවකි.සීගිරිය වනාහි ඓතිහාසික යුග ගණනාවක් නියෝජනය කරන ස්මාරකයකි.








සීගිරිය නරඹන සංචාරකයාට අවශ්‍ය තොරතුරු දැන ගැනිම සහා තොරතුරු මධ්‍යස්ථානයක් තිබීම වැදගත් වෙයි.සීගිරිය පිළිබව නව දැනුම ලබාදීම සහා වීඩියෝ දර්ශන , දේශන පැවත්විම වැදගත් වේ.මෙමගින් එයින් පිටවන සංචාරකයා හිස් අතින් නොයන්නේය.පහසු මිලට ලිපි,පොත්පත්,සරා , පෝස්ටර්,පෝස්ට් කාඩ් ලබාදිම මගින් පහසුවෙන් සංචාරකයා අතර දැනුම බෙදි යයි.නව දැනුම නිරතුරුවම තොරතුරු මධයස්ථාන මගින් මහජනයා අතර බෙදා හැරීමට පුවත්පත් පාදක කර ගත හැකිය.මාසික/ වාර්ෂික /සංවත්සර සගරා නිකුත් කිරීමෙන් සීගිරියේ වරින් වර කළ නව පර්යේෂණ,අත්හදා බැලීම් විවිධ මත අර්ථනිරූපනය ප්‍රකාශයට පත් කළ යුතුය.


දිනෙන් දින අලුත් වන සීගිරිය පිළිබද දැනුම සංචාරකයා වෙත නිවැරදිව ලබා දීමට ව්‍යාපෘති ප්‍රචාරක නිලධාරීන් ,මාර්ගෝපදේශකයන් ,කළමනාකරුවන් පුහුණු කළ යුතු ය.ඔවුන් යල් පැනගිය දැනුමෙන් ඉවත් කර නවතම පර්යේෂණ පිළිබද දැනුමෙන් පෝෂණය කර ප්‍රායෝගිකව එම දැනුම සංචාරකයා වෙත ලබා දීමට ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතු ය. විශේෂයෙන් දේශීය සංචාරකයින්ට විවිධ වැඩසටහන් මගින් ඔවුන් වෙත සමීපවම ජීවමානව ඉදිරිපත් කළ හැකි අතර අන්තර්ජාලය හරහා බුද්ධි පිපාසාවෙන් සිටින්නන් වෙත සීගිරියේ උරුම වටිනාකම ප්‍රදර්ශනය කිරිම අත්‍යවශ්‍යය.සීගිරියේ සැබෑ වටිනාකම් අනාගත පරම්පරාවට රැකදීම අප කාගේත් වගකීමකි.


සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා සහභාගීත්වය


සංචාරක කර්මාන්තය අද වන විට ලොව විශාලතම කර්මාන්ත වලින් එකක් ලෙස වර්ධනය වී පවතී.ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික ආර්ථික යාන්ත්‍රණයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳාමෙහි තුන්වන ස්ථානය හිමි කරගෙන තිබේ.සංචාරක ව්‍යාපාරයේ න්‍යශ්ටිය ලෙස සංචාරකයා හැඳින් වේ.සංචාරකයා හැඳින්වීම සහා  නිර්වචන රැසක් ඉදිරිපත්ව ඇත.ලෝක සංචාරක සංවිධානයට අනුව සංචාරකයෙකු යන්න මෙසේ හඳුන්වා ඇත.



" සංචාරකයා යනු තමන්ගේ සාමාන්‍ය ජීවත්වන පරිසරයෙන්  තාවකාලිකව බැහැරව වෙනත් ප්‍රදේශයකට හෝ  රටකට ගමන්කරන සහ එම ගමනාන්තයේ අවම වශයෙන් එක් රාත්‍රියක් ගත කරන (මාස 12කට නොවැඩි )එම සංචාරයෙන් තමන්ට ආදායම් ප්‍රතිලාභයක් නොලබන පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනේ.

සංචාරයේ ආරම්භයේ සිටම අවසානය දක්වා සංචාරකයා තම සංචරණය සාර්ථක කර ගැනීමට ලබාගන්නේ සේවාවන් බැවින් මෙම කර්මාන්තය සේවා කර්මාන්තයක් ලෙස විද්වතුන් දක්වයි.එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ සංචරණය කරනු ලබන්නේ මිනිසුන් වන බැවින් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඒ ඒ ස්ථානවලදී ලබාදෙනු ලබන්නේ මිනිසුන් වන අතර ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඒ ඒ අවස්ථාවලදී ලබා දෙන්නේ මිනිසුන් විසිනි.එබැවින් මෙම කර්මාන්තය මිනිසුන්ගේ කර්මාන්තයක් ලෙස ඇතැම් විද්වතුන් දක්වයි.


සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයෙහිලා විවිධ සාධක බලපවත්වනු ලැබේ.සංචාරකයා ව්‍යාපාරය සංවර්ධනය කිරීම සහා ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.එකී සම්බන්ධය ලබාගැනීම සහා ජන මනස සැකසිය යුතුය.ආර්ථිකයේ ශක්තිමත්භාවය තීරණය කිරීමට සංචාරක කර්මාන්තය හේතුවන බැවින් සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ජනතාව වෙතද ගලා යායුතුය.


සංචාරක කර්මාන්තයේ විවිධ සංචරණ විදීන් පවතී.ග්‍රාමීය සංචරණය, ග්‍රාමීය ප්‍රදේශවල සංචරණය, කෘශි සංචරණය,ප්‍රජා සංචරණය වැනි අවස්ථාවන් සෘජුවම ප්‍රජාව හා බැඳී පවතී.මෙම සංචරණ විධීන් තුළින් සිදුවන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරයේ යෙදෙමින් එම ජනතාවගේ සංස්කෘතිය, සාම්ප්‍රධායික ජීවන රටාවන් පිළිබ(ජීවනවෘත්තීන් හා රටාවන්,දෛනික ක්‍රියාකාරකම්, ආහාරපාන ,චාරිත්‍ර-වාරිත්‍ර,) ආදිය අධ්‍යයනය  කිරීම,එම ක්‍රියාකාරකම්වල නියැලෙමින් අත්දැකීම් ලබා ගැනීම,මෙන්ම සාම්ප්‍රධායික හෝටල් කාමරය වෙනුවට එම පරිසර පද්ධතිය තුළ නවාතැන් ගැනීමද මෙහිදී සිදු වේ.




මෙමගින් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට යොදා ගැනීම විශේෂත්වයකි.ප්‍රජා සංචරණය තුළින් ලැබෙන ප්‍රතිලාභ එම ප්‍රජාවේ සංවර්ධනයටම යොදා ගැනේ.

ප්‍රජා සම්බන්ධතාවය ඇති කිරීමෙහිලා Home stay  , You Pick up system වැනි සංකල්ප මෙන්ම ප්‍රජා සංචාරක ගම්මාන ආරම්භ කිරීම වැදගත් වෙයි. Home stay අරමුණ වන්නේ විදේශික සංචාරකයින්ට අපගේ සංස්කෘතිය අත්විඳීමට අවස්ථාවක් ලබාදීම යි.



ශ්‍රී ලංකාව සත්කාරයට ලැදි මිනිසුන් සිටින රටකි.නමුත් සංචාරක ව්‍යාපාරය හා මෙරට පොදු ජනයා අතර දුරස්ථ බවක් පවතී.මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ජනයා වෙත බෙදී යෑමේ ගැටලු පවතී.සාමාන්‍ය ජනතාව හා සංචාරක ව්‍යාපාරය අතර ඇතිවන දුරස්ථ භාවය මත ගැටලු මතුවේ.

මෙම පාර්ශව දෙක අතර සබතාව ඇති කිරීමට මාධ්‍යයට විශේෂ වගකීමක් ඇත.එපමණක් නොව සංචාරක බලධාරීන්ද මේ සම්බන්ධව විධිමත් පියවර දියත් කළ යුතුය. Home stay  , ප්‍රජා සංචාරක ගම්මාන වැනි ව්‍යාපෘති මගින් මෙම සම්බන්ධතාවය ශක්තිමත් කළ හැකිය.
දෙස් විදෙස් සුපතළ වන්දනීය ශ්‍රී පාදස්ථානය




සොබා දහමේ මනහර නිමැවුමකැයි විස්තර කළ යුතු සමන්ත කූටය ජගත් ආකර්ෂණයට පාත්‍ර වූයේ අනාදිමත් කාලයක සිටය.පැරණි නැවියන් මුහුදු සළකුණක් ලෙස යොදාගත් මෙම සමන්ත කූටය ගෞතම බුදුන් වහන්සේගේ වම් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවන ලද බවට එන ආගමික විශ්වාසයක් වෙයි.බුදුනුවන් මුනි සිරිපා සටහන මෙහි පිහිටුවා ඇතැයි විශ්වාස කරන කළ හින්දු ,කිතුණු ,ඉස්ලාම් ඈ අවශේෂ භක්තිකයෝ තම තමනට අයත් ආගම් කර්තෘවරුන්ගේ පා සටහන් සමණළ කඳු මුදුනේ විද්‍යමාන වෙතීයි විශ්වාස කළහ.පා සටහන පිළිබ ප්‍රවෘත්තිය පෙරපර දෙදිග ලෝකය පුරා පැතිරෙත්ම විවිධ බැතිමත්හු ඒ නරඹනු පිණිසද ,වන්දනා කරනු පිණිසද සමන්ත කූටයට නැගීමේ අරමුණ ඇතිව ශ්‍රීලංකාව බලා යාත්‍රා කළහ.එදා සිට අද දක්වා ශ්‍රී පාදය පිළිබ යශෝරාවය දේශ දේශාන්තරයන්හි පැතිර පවතී.


සමනළ කන්ද පිළිබව හින්දු භක්තිකයන් ඉදිරිපත් කරන අදහසට අනුව ඔවුන් සමනළ කන්දට පුද පූජා පවත්වන්නේ ස්වර්ගයට ආසන්නව තියෙන කන්ද යන අදහසිනි.එනිසා එය "  සුවන්ග්‍රාම් " නම් විය.තවත් මතයකට අනුව එය ශිව දෙවියන්ගේ පාසළකුණ බව පිළිගනී.එනිසා "සිවනොලි පාදම්"ලෙස එය හුන්වයි.ක්‍රිස්තු භක්තිකයින් පිළිගන්නේ සිරිපා කඳු මුදුනේ තිබෙන්නේ ආදම්ගේ  පා සටහන බවයි.ආදම්ගේ කඳු  මුදුන යන අර්ථයෙන් ඇඩම්ස් පීක් යැයි ව්‍යවහාර කෙරේ.මෙම කරුණ ප්‍රකටවත්ම ලොව අන් රටවල ක්‍රිස්තු භක්තිකයෝද ලංකාවට පැමිණියහ.මුස්ලිම් බැතිමත්හු එම පා සටහන මහම්මද් තුමාගේ පා සටහන යැයි සළකති.ඉස්ලාම් භක්තිකයන් මෙම කන්ද "අල්රූහස්" යන නමින් හඳුන්වති.මෙසේ ආගමික වශයෙන් විවිධ ජාතීන් ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බව මේ අනුව පැහැදිලි වෙයි.



ක්‍රි.ව 851 දී මෙහි පැමිණි අරාබි ජාතික සුලයිමන්ද ,මොරොක්කෝවේ ටැන්ජියර්ස් නුවර උපන් අරාබි ජාතිකයකු වූ ඉබන් බතූතා කියා සිටියේ මෙම පා සටහන පාරාදීසයෙන් පහ කරන ලද ආදම්ගේ බවයි.ඔහුගේ චාරිකා සටහන් මගින් ඔහු ශ්‍රී පාදය වදින්නට ගිය බව පැහැදිලි වේ.ක්‍රි.පූ. 20 දී දිවයිනට පැමිණි කාශ්මීරයේ ශ්‍රී මේඝවර්ණ රජු කියා ඇත්තේ මෙම පා සටහන බුදුන් වහන්සේගේ බව නියත වශයෙන්ම කිව හැකි බවයි.එය රාජ තරංගනී ග්‍රන්ථයේද සහන් වේ.ලක්දිව ඈත පෙදෙස්වල පමණක් නොව මහා සමුද්‍රයටත් සමන්කුළ පෙනුණු බව විවිධ ලේඛනයන්හි සහන් වේ.නැව්වලින් මුහුදේ යාත්‍රා කරද්දී ඈතදීම සමන්ත කූටය දර්ශනය වූ බව රාජාවලියේ සහන් ප්‍රකාශයකින් මෙසේ කියවේ.

" එක දා උපන් යෝධ පිරිවරක් නැවට දමා මුහුදට නංවා ඇරිය තැන නැව රුහුණු රට දෙසට ගොඩබලා උන් විට එනුවර වාසීන්ගේ උගහටීන් සමන්තකූට පර්වතය මහමුහුද මැදදී දැක්කාහ. "
ගාලු වරායට එන නැව්වලට මෙම කඳු මුදුන පෙනෙන බව කියා ඇත.එනිසා " රුහුණෙන් " යන නම සමනළ කන්දට ව්‍යවහාර  වූ බව කියවේ.හයවන  සියවසට අයත් දෙමළ ග්‍රන්ථයක් වන " මනිමේඛලෙහි"
 සිරිපා වන්දනාව පිළිබව සහන්ව ඇති අතර දකුණු ඉන්දියානු බෞද්ධයින් අතරද එය ප්‍රසිද්ධව පැවති බව එයින් ඔප්පු වේ.මෙරටට පැමිණි සංචාරකයකු වූ මාර්කෝ පෝලෝගේ චාරිකා විස්තරයේ සමන්ත කූටය පිළිබ මෙසේ දක්වා ඇත.

"
 සෙයිලාන් දූපතේ ඉතා දිග උස් කන්දක් ඇත.එම කන්ද ඉතා ප්‍රපාතාකාරය.එබැවින් එහි නැගීමට දම්වැල් උපයෝගී කර ගනු ලැබේ.මින්සුන් එහි උඩට නැගීමට දම්වැල් උපයෝගී කර ගනු ලැබේ.මිනිසුන් එහි උඩට නගින්නේ ඉතා අසීරුවෙනි.සරසින්වරුන් කියන්නේ මානව වර්ගයාගේ ආදීම පීතෘවරයා වන ආදම්ගේ සොහොන එහි තිබෙන බවය.එහෙත් පිළිම වන්දනාකාර බෞද්ධයන් කියන්නේ සර්වඥයන් වහන්සේගේ සොහොන සමන්ත කූටය මත තිබෙන බවය. " ඔඩොරික් පූජකවරයා ඉතාලියේ යූඩින්  නගරයේ සිට චීනය, ඉන්දියාව, හා ශ්‍රී ලංකාව යන රටවලට පැමිණ ඇත.ඔහුගේ විස්තරයේ ශ්‍රීලංකාව ගැන මෙසේ සහන් වෙයි.

" මෙම රටේ ඉතා උසට නැගුණු කන්දක් තිබේ.ආදම් තම පුත්‍රයා වෙනුවෙන් අවුරුදු  සියයක් මේ කන්දේ අමින් සිටි බව ජන ව්‍යවහාරයේ එන කතාවකි.මේ කන්ද මැද කොටසේ අලංකාරවත් තැනිතලා පෙදෙසක් තිබේ.එහි විශාල නොවූ එහෙත් ඉතා ගැඹුරට ජලය පිරුණු විලක් ඇත.ආදම්ගේ සහ ඒවාගේ කඳුළුවලින් මේ විල පිරී ඇතැයි ඔවුහු පවසති.එහෙත් මෙය සත්‍යයකැයි මම විශ්වාස නොකරමි.පස් අතරින් මතු වී එන දිය උල්පත් මෙහි දක්නට තිබේ. මේ ප්‍රදේශයේ බහුලව කුඩැල්ලෝ ද සිටිති. "

ක්‍රි.ව.1817 දී පමණ සමණල නැගි ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ජෝන් ඩේවි සිය වාර්තාවේ ඒ පිළිබ බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.එකල සමනළ කන්දේ  ප්‍රසිද්ධිය මුළු ලොව පුරා පැතිර පැවති බව ඩේවි සහන් කරයි.සමනළට යන මාර්ගයේ අම්බලම් තනා තිබූ අයුරුත් ඒවායේ 200ට වැඩි පිරිසක් රැඳී සිටිය බවත් ඔහු සහන් කරයි.මෙයින් නවාතැන් පහසුකම් එකළ සපයා තිබූ බව පැහැදිලිවෙයි.



එදා මෙදා තුර    නොයෙක     බැතිමතුන්ගේ නිරන්තර ගෞරවාදරයට හා වන්දනාමානයට ලක්වන ශ්‍රී පාදස්ථානය දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානයට පාත්‍රවූ සුවිශේෂී ස්ථානයක් බව දේශාටන වාර්තාවලින් හමුවන සාධක මගින්ද තහවුරු වන බව හඳුනාගත හැකි ය.එබැවින් වන්දනීය බැතිමතුන්ගේ මෙන්ම ස්වභාව ධර්මයට ලැදි සංචාරකයින්ගේ සුන්දර සංචාරක තෝතැන්නක්  ලෙසද  උතුම් ශ්‍රී පාදස්ථානය හැදින්විය හැකිය.


Thursday, June 22, 2017

සංචාරක කර්මාන්තය තුළ ශ්‍රී ලාංකීය සළකුණ

සංචාරක කර්මාන්තය තුළ ශ්‍රී ලාංකීය සළකුණ




 සංචාරක කර්මාන්තය අද වන විට ලොව විශාලතම කර්මාන්ත වලින් එකක් ලෙස වර්ධනය වී පවතී.ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික ආර්ථික යාන්ත්‍රණයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳාමෙහි තුන්වන ස්ථානය හිමි කරගෙන තිබේ.දේශීය විදේශීය සංචාරකයින්ගේ සොඳුරු නවාතැන්පොළක් ලෙස ශ්‍රීලාංකේය නාමය අතීතයේ සිටම ප්‍රචලිත ය. පරිබාහිර ලෝකය විසින් ශ්‍රී ලංකාව දැන හැඳින සිටියේ ක්‍රිස්තුවර්ෂයටත් පෙර සිට බව සාධක හමුවේ.

හිරු නොබසින අධිරාජ්‍යය ලෙස හඳුන්වනු ලැබූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේද සංචාරක ව්‍යාපාරයට පදනම වැටුණේ 1930 ගණන්වලදීය.එවක යුරෝපයේ සිට පෙරදිගට නාවුක ගමනාගමනය ආරම්භ වීමත් සම ඉන්දීය සාගරයට අවතීර්ණ වූ නෞකාවලට මුලින් ම හමුවන නාවුක වරායක් ලෙස කොළඹ වරාය නිතැතින්ම එම නාවුක ගමනාගමන මාර්ගයේ එක් නැවතුම් පොළක් බවට පත්වීම සිදුවිය.1930 ගණන්වල සිට එවක විශේෂයෙන් එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට හා ඈත පෙරදිග රටවලටත් ගමන් කළ නෞකාවලින් ශ්‍රීලංකාවට ගොඩබට යුරෝපීයන්ගෙන් ප්‍රධාන ආකර්ෂණය බවට පත්වූයේ ශ්‍රීලංකාවේ නිරිතදිග කලාපයේ පිහිටි සදා හිරු රැසින් නැහැවුණු මුහුදු වෙරළ තීරයයි.සංචාරකයින් බොහෝ විට සිය සංචාරයේ ගමනාන්තයක් ලෙස ශ්‍රීලංකාව තෝරා ගනු  ලබන්නේ ප්‍රධාන සාධක කිහිපයක් නිසාවෙනි.
                       

Sun      -           හිරු එළිය
Sea      -           මුහුදු තීරය
Sand    -           මුහුදු වෙරළ     

ශ්‍රීලංකාව තුළ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට බොහෝ දෑ පවතී.ස්වභාවික පරිසරය,වනජීවීන්, සංස්කෘතිය, ආගන්තුක සත්කාරය ආදී අංග රැසකින් ලංකාව පොහොසත් ය.ශ්‍රී ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අලෙවිකරණය සාර්ථකව යොදා ගත යුතුය.සංචාරක ක්ෂේත්‍රය ජය ගැනීමෙහිලා සංචාරක ක්ෂේත්‍රය සන්නාම ගත කිරීම වැදගත් වේ.

තායිලන්තය - පුදුම තායිලන්තය            - Amazing Thailand
සිංගප්පූරුව - විශේෂිත සිංගප්පූරුව        - Uniquel Singapore
ඉන්දියාව - ඇදහිය නොහැකි ඉන්දියාව - Incredible India

මෙම රටවල් සිය නාමය සංචාරක ලෝකය තුළ සන්නාම ගත කර තිබේ. මුල් කාලය තුළ ශ්‍රී ලංකාව භාවිතා කළ තේමා පාඨය වූයේ  අනෙකෙකුට අසමාන වූ භූමිය - Land like no other යන නාමයයි.ඉන්පසු පුංචි ආශ්චර්යය - Small miracle නම් තේමා පාඨය යොදා ගන්නා ලදී.වර්තමානයේ ආසියාවේ ආශ්චර්යය - Wonder of Asia යන නමින් ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය උදෙසා සන්නාම ගත කරන ලදී.


ශ්‍රීලංකාව සත්කාරයට ලැදි මිනිසුන් වෙසෙන රටකි..ආගන්තුක සත්කාරය නිසාම සංචාරකයින් ශ්‍රීලංකාව ගමනාන්තයක් ලෙස තෝරා ගැනීමට පෙළඹේ.ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කරන ලද සංචාරක ක්ෂේත්‍ර යේ  සංවර්ධන උපාය මාර්ග 2011 – 2016 සැලැස්මෙහි 23 පිටුවේ මෙසේ දැක්වේ.

"වඩාත් වැදගත් වන්නේ අප රටෙහි සංචාරයෙහි නිරත සංචාරකයන් තම සංචාර තුළින් අතිශය තෘප්තිමත් වීම සහ ඔවුන් රැගෙන යන සැමරුම් පිළිබඳවයි.මෙහිදී අපේ රට පිළිබඳව මුවින් මුව නැගෙන හොඳ නම වඩාත් ඵලදායී ප්‍රවර්ධන මෙවලමක්  බවට නිරායාසයෙන් පත්වේ.

එහි තවත් තැනක සමාජයෙන් සංචාරකයන්හට පිරිනමන ආගන්තුක සත්කාරයන් පිළිබඳව ඔවුන් තුළ ධනාත්මක හැඟීමක් ජනිත කිරීම සඳහා ඵලදායී මාධ්‍ය යොදා ගැනීම යන්න සංචාරකයන්ගේ තෘප්තිමත්භාවය සහතික කර ගැනීම සඳහා ක්‍රියාවට නංවන බවද සඳහන්ය.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2010 වර්ෂයේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව නියම් සහ අනියම් වශයෙන් සියයට 60 ක පමණ සංචාරක පිරිසක් ලංකාවට එන්නේ මේ රටට එන සංචාරකයා ගෙන යන පණිවිඩය මත බව තහවුරු කර තිබේ.විදෙස් සංචාරකයා සිනහවෙන් පිළිගන්න යැයි කියමනක් පවතී.එබැවින් ශ්‍රී ලාංකීය නාමය දෙස් විදෙස් ලොව පුරා සුපතළ කිරීමේ වගකීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම වගකීමකි.

Monday, June 12, 2017

ෆේස් බුක් මාධ්‍යය අවභාවිතය හා තාරුණ්‍යය




සමාජ ජාල මාධ්‍ය අතුරෙන්  ෆේස්බුක් මාධ්‍ය ජන ජීවිතය අතික්‍රමණය කර තිබෙන්නේ අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් සහ බලපෑම්කාරී ලෙසට ය.ෆේස්බුක් මාධ්‍ය පිළිබ සාකච්ඡාවේදී එහි ධනාත්මක මෙන්ම නිශේධනාත්මක අගයන් සම්බන්ධව සාකච්ඡා කළ යුතුය.මෑත කාලීනව සමාජයේ බොහෝ දෙනෙක් සාකච්ඡාවට බඳුන් කළ එක් මාතෘකාවක් වුයේ ෆේස්බුක් අවභාවිතා කිරීම නිසා සිදුවන තරුණ සහ පාසැල් සිසුන්ගේ ජීවිත හානි මෙන්ම උදාවන අහිතකර ප්‍රතිඵල පිළිබඳවයි.මෙසේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මෙම සමාජ වෙබ් අඩවි අවභාවිතය වැලැක්වීමට ලංකා පාර්ලිමේන්තුව නීති සම්මත කර නොතිබීම ප්‍රධාන ගැටලුවකි.එබැවින් මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු කාලය උදා වී තිබේ.අන්තර්ජාලය මගින් කරන අපරාධ ,දුරකථන මගින් කරන අපරාධ ,සමාජ වෙබ් අඩවි මගින් කරන අපරාධ වැලැක්වීමට ප්‍රමාණවත් නීතියක් අපරට තුල නොමැත.

2017 වසරේ  ගත වූ මාස 04 ක කාලය තුළ ශ්‍රීලංකා පරිගණක හදිසි තොරතුරු ප්‍රතිචාර සංසදය වෙත ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි 1100 ක් ලැබී තිබේ.මෙම පැමිණිලිවලින් සියයට අසූවකට අධික සංඛ්‍යාවක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කරයි.ෆේස්බුක් ගිණුම්වල මුරපදය අමතක වීම්, සොරා ගැනීම් සම්බන්ධයෙන් එම සංසදය වෙත තොරතුරු ලැබී ඇත.ෆේස්බුක් මාධ්‍ය යේ ප්‍රබල බලපෑම එල්ලවන්නේ තාරුණ්‍යයටය.නාඳුනන ෆේස්බුක් ප්‍රේම සබඳතා නිසා බිලිගත් තරුණ ජීවිත සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී.එබැවින් මෙම මාධ්‍යයට නිසි නියාමන ක්‍රමවේදයක් අවශ්‍යය.


ලංකා නීතිය තුල අපරාධ වැරදි විග්‍රහ කරන මුලිකම නීතිය දණ්ඩ නීති සංග්‍රහයයි.එය වසර ගණනාවක් පැරණි ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය ආශ්‍රයෙන් සකස් කරන ලද නීතියකි.ඉන්දියාව ඉංග්‍රීසි නීතිය පදනම් කරගෙන ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහය සකස් කරන ලදී. අපට අපේම කියා නීති පද්දතියක් නැත.ඉංග්‍රීසි නීතිය ,රෝලන්දේසි නීතිය ,රෝම නීතිය ,උඩරට නීතිය ,තේසවලාමේ නීතිය ,මුස්ලිම් නීතිය යන නීති පද්ධතිවල කොටස් වලින් සකස්වූ අච්චාරු නීතික්‍රමයක් අප අනුගනය කරයි.
.

පරිගණක සහ අන්තරජාල අපරාධ වැලක්වීමට ලංකා පාර්ලිමේන්තුව අණපනත් කිහිපයක් පනවා ඇත.එනම් ,



1.The evidence (special Provisions) Act No 14 of 1995

2.The information and communication Technology Act No 27 of 2003

3.Payment and Settlement System Act No 28 of 2005

4.The Electronic Transaction Act No:-19 of 2006

5.The payment devises Fraud Act No 30 of 2006

6.The computer crime Act No 24 of 2007

මේ අනුව ෆේස් බුක් සමාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීතිය අදාල කර ගත යුත්තේ පරිඝනක අපරාධ සම්බන්ධයෙන් වන වර්ෂ 2007 අංක 24 දරණ පර්ඝණක අපරාධ පනතයි.මේ පනත යටතේ වැරදි 10 කට අසන්න වැරදි ප්‍රමාණයක් විස්තර කර ඇති නමුත් ෆේස් බුක් සම්බන්ධයෙන් කරන අපරාධ මේ පනත යටතේ වෙනත් නීතියක් යටතේ අදාල කරගත නොහැක.එනම් එම පනත යටතේ computer hacking, computer cracking,unauthorised Modification, වශයෙන් ඇතුළු වැරදි විග්‍රහ කරයි.

ෆේස් බූක්හි සැලකිය යුතු පිරිසක් වැරදි තොරතුරු ඉදිරිපත්කොට අන්‍ය අයෙකු ලෙස පෙනී සිටී.මේ නිසා ලංකාවේ පවුල් ජීවිත කඩා කප්පල් වන ප්‍රමාණය ඉතා ඉහල වන අතර ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ නැත.නමුත් මේ තත්ත්වය වැලැක්වීම ප්‍රයෝගිකව එතරම් සරල නැත.නමුත් එය කළ හැක.මුලින්ම එකී වැරදි හඳුනාගෙන අවශ්‍ය නීති පැනවීම අනිවාර්යෙන්ම කළ යුතුය.වෙබ් අඩවියක් සඳහා ඩොමේන් නාමයක් ලබා දීමේදී පටන් මෙය ආරම්භ කළ යුතුය.

තාරුණ්‍යය සුන්දරය.ක්‍රියාශීලීය.හැගීම්බරය,එපමණක් නොව විප්ලවකාරීය.එනිසාම නව ප්‍රවණාතවන්ගේ ගොදුරුකරුවන් බවට තාරුණ්‍යය ගොදුරු වීම දක්නට ලැබේ.ෆේස්බුක් හරහා අන්තර් සබදතා වර්ධනය කර ගැනීමටත් ,මිතුරු හවුල් පවත්වාගෙන යාමටත් ක්‍රියා කළද එය සංයමයෙන් හා මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතුව සිදු කරලීමට තරුණ ප්‍රජාව සවිඥානික විය යුතුය.එසේ වීමෙන් සමාජය  නිර්වින්දනය කරන ෆේස්බුක් මාධ්‍ය අවභාවිතයෙන් මිදී තාරුණ්‍යය ආරක්ෂා කර ගැනීමට හැකියාව උදාවේ.

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...