Wednesday, July 19, 2017

ආකර්ෂණය,තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය

මානව සම්පත් කළමනාකරණ කාර්යයන්





ආකර්ෂණය


ආයතනයේ රැකියා සඳහා යොමුවීමට රැකියා අපේක්ෂකයන් තුළ උත්තේජනයක් ඇති කළ යුතු ය.ආකර්ෂණයේදී ආයතනයේ රැකියා ඇබෑර්තු පිළිබඳව මහජනතාව දැනුවත් කෙරේ.මෙහි  සැබෑ අරමුණ වන්නේ නියමිත සුදුසුකම් ඇති අයදුම්කරුවන් පොළඹවා ගැනීම මිස අවශ්‍ය සුදුසුකම්වලට වඩා වැඩි හෝ අඩු සුදුසුකම් ඇති පුද්ගලයින් පොළඹවා ගැනීම නොවේ.

ආයතනයේ තනතුරු සඳහා ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා වඩාත් යෝග්‍ය හා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ආකර්ෂණය කරගැනීමට ආයතනයේ මානව සම්පත් කලමනාකරණ අංශය ක්‍රියාකරනු ලබයි.ඒ සඳහා පහත ක්‍රියාවලිය අනුගමනය කරයි.

·        ආයතනයේ පවතින සේවක ඇබෑර්තු හඳුනාගැනීම.
·        සේවකයින් ආකර්ෂණය ඇති කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම්කිරීම.
·        සංවිධායක මණ්ඩලය ඒ පිළිබඳ තක්සේරුවකට පැමිණීම.
·        දැන්වීම් නිර්මාණය කිරීම.
·        
      ආකර්ෂණ ක්‍රමවේදයන් .

·        ආකර්ශන ක්‍රමවේදය තෝරා ගැනීම හා ක්‍රියාත්මක කිරීම.

ආකර්ෂණ ක්‍රමවේදය

විධායක මට්ටමේ තනතුරු සඳහා
         
     දැන්වීම් මගින්
          (සිංහල,ඉංග්‍රීසි ,දෙමළ පුවත්පත්,     අන්තර්ජාලය හරහා )


විධායක මට්ටමෙන් පහළ තනතුරු සඳහා
·        
     දැන්වීම් මගින්
·        අභ්‍යන්තර සේවකයන් මගින්

එසේ ලබා ගන්නා අයදුම්පත් සංචිතයක් ඇති කර ගැනීම මෙම ක්‍රියාවලිය තුළ සිදු කරනු ලබයි.




තෝරා ගැනීම


රැකියාව සඳහා සේවකයින් ආකර්ෂණය කිරීම හරහා ඉස්මතු කරගත් අයදුම්කරුවන් සංචිතයෙන් ආයතනයේ ඇබෑර්තු පිරවීමට වඩාත්ම සුදුසු හා යෝග්‍ය අයදුම්කරුවන් හඳුනාගැනීම මෙහිදී සිදුකරනු ලබයි.

·        රැකියාව සඳහා අයදුම් කරන ලද අයදුම්පත් අතුරෙන් වඩාත් සුදුසු අයදුම්පත් තෝරා ගැනීම.

සම්මුඛ සාකච්ඡාවට කැඳවීමට නියමිත අයදුම්කරුවන් තක්සේරු කිරීම.

·        සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට අදාළව සියලු ක්‍රියාදාමය පිළිබඳ සැලසුමක් සැකසීම හා තෝරා ගත් අයදුම්කරුවන් ඒ පිළිබඳ දැනුවත් කිරීම.(දිනය ,ස්ථානය, වේලාව,රැගෙන ආයුතු දෑ ආදිය සඳහන් කොට ලිපි මගින් දැනුවත් කිරීම.)

·        නියමිත පරිදි සම්මුඛ සාකච්ඡා පැවැත්වීම.(කේවල,සමූහ, ව්‍යුහගත)

·        සම්මුඛ සාකච්ඡාවෙන් සමත්වන පිරිස සඳහා විභාගයක් පැවැත්වීම.

·        ඉන් පසු සුදුසු සේවකයින් බඳවා ගැනීම සිදු කරනු ලබයි.

තෝරා ගැනීමේ අදියරේදී අයදුම්කරුවන් පහත සඳහන් කාරණා මත ඉවත්වීම සිදුවිය හැකි ය.

·        අයදුම්පත් තෝරා ගැනීමේදී
·        සම්මුඛ සාකච්ඡාවෙන්
·        පසුතල පරීක්ෂණයෙන්
·        පවත්වනු ලබන විභාගයෙන්
·        වෛද්‍ය පරීක්ෂණයෙන්





බඳවා ගැනීම


ආයතනයේ පවතින්නා වූ ඇබෑර්තු පිරවීම පිණිස තෝරා ගන්නා ලද සුදුසුකම් ලත් අයදුම්කරුවන් අතුරින් වඩාත්ම සුදුසු අයදුම්කරුවන් සේවා නියුක්තියට ඇතුළත් කර ගැනීම මෙම ක්‍රියාවලියේදී සිදු කරනු ලබයි.බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ පහත ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනු ලබයි.

·    සුදුසුකම් සපුරා තේරී පත්වු අයදුම්කරුවන් නව රැකියාව සඳහා තේරි පත්ව ඇති බව ලිඛිතව දැනුම් දිම

·        තේරි පත්ව ඇති සේවකයින් රැකියාව පිළිගනියි ද නැද්ද යන්න පිළිබඳ සොයා බැලිම.

·        රැකියාව පිළිගන්නේ නම් ඔවුන් ආයතනය වෙත සම්බන්ධ කර ගැනීම.

·        නවක සේවකයින්හට පත්වීමේ ලිපිය සැකසීම හා එය ලබාදිම

   
     ආයතනයට බඳවා ගැනිමේදී  මානව සම්පත් අංශය වෙත පහත ලියකියවිලි ලබා දිය යුතුවේ.

·        
     උප්පැන්න සහතිකයේ පිටපත
·        අදාළ පොළිස් බල ප්‍රදේශයෙන් ලබා ගන්නා ලද පොලිස් වාර්තාව
·        ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
·        අධ්‍යාපන සහතිකවල පිටපතක්
·        සහතික කරන ලද ඡායාරූප 4ක්
·        ග්‍රාමසේවක සහතිකය
·        වෛද්‍ය වාර්තාව


ආයතනය තුළ මෙන්ම රටෙහි එම කාල සිමාව තුළ ස්ථාපිත හා ක්‍රියාත්මක වන නීතිරිතිවලට අනුකුලව ක්‍රියා කළ යුතු ය.


සේවක බඳවා ගැනීමෙන් පසුව එම සේවකයින්ට අදාළව සේවක ලිපි ගොනුවක් සැකසීම සිදු කරනු ලැබේ.


ආයතනයට බඳවා ගනු  ලබන සෑම  නවක සේවක සේවිකාවක්ම ආයතනය විසින් තීරණය කරන පරිවාස කාලයකට යටත් විය යුතු වෙයි.එම කාල සීමාව තුළ සේවක සේවිකාවන්ගේ පැමිණීම ,කාර්යක්ෂමතාවය ,විනය හා හැසිරීම, කාර්ය ක්ෂේත්‍රයෙහිලා දක්වන දක්ෂතාවය ආදී කරුණු සම්බන්ධයෙන් සිදු කරනු ලබන සේවා ඇගයීම පදනම් කරගනිමින් සේවය ස්ථීර කිරීම,පරිවාස කාලය දීර්ඝ කිරීම හෝ සේවය අවසන් කිරීමේ අයිතිය කළමනාකාරීත්වය  සතු වේ.බොහෝ විට මෙම ආයතනය තුළ නවක සේවකයින් මාස 03 ක පුහුණු කාලයකට යටත් කරනු ලැබේ.





අනුස්ථාපනය


මෙහිදී ආයතනයට බඳවා ගත් නවක සේවකයින්ගේ රැකියාවෙහි පවත්නා රාජකාරී හා වගකීම්, රැකියා පරිසරය ,ප්‍රධානියා සහ සෙසු සේවකයින් ,ආයතනයේ සංවිධාන ව්‍යුහය,මෙන්ම ආයතනයේ ප්‍රතිපත්ති,නීති රීති පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරනු ලබයි.එල්.බී.ෆිනෑන්ස් මූල්‍ය සමාගම පහත සඳහන් පරිදි සේවක අනුස්ථාපනය සිදු කරයි.


·        හඳුන්වාදීමේ වැඩ සටහන් මෙහෙයවීම.
·        
     සියලුම ශාඛාවල සේවකයින්හට ප්‍රධාන ආයතනික මූලස්ථානයේ රැස්වීම් හා වැඩ සටහන් පැවැත්වීම.
·   
     ආයතනයේ  කළමනාකරණය විසින් ආයතනයේ ඉතිහාසය, නිෂ්පාදන, ප්‍රතිපත්ති, නීතිරීති, අරමුණු,ආයතනයේ ඉලක්ක,දැක්ම ආදිය පිළිබඳ  සේවකයන් හට අවබෝධයක් ලබා දීම.

     සේවයේ නියුක්ත කරවීම.

·        සේවකයින්හට නව ආයතනික පරිසරයට අනුගතවීමට අවශ්‍ය කාලය හා ඉඩ ප්‍රස්ථා ලබාදීම.
·       
            සිය කාර්යයන් මනාව හුරුවීමට හා දිගුකාලීනව ක්‍රියාකිරීමට අවශ්‍ය පුහුණු අවකාශ හා වෘත්තීය මාර්ගෝපදේශණයන් ලබාදීම.


නවක සේවක සේවිකාවන් ආයතනයට බඳවා ගත් පසු  නිසි පරිදි ඔවුන් රැකියාවට අනුගත වන තෙක් සියලු ක්‍රියාකලාපයන් මෙහෙයවමින් අනුස්ථාපනය කිරීම සිදු කරනු ලබයි.



මානව සම්පත් කළමණාකරණ කාර්යයන් අතුරින් ආකර්ෂණය,තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය  වැදගත් මානව සම්පත් කළමණකරණ කාර්යයන් බව දැක්විය හැකිය.

මානව සම්පත් කළමනාකරණයයේ වැදගත්කම

මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම








         මිනිසාගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි විවිධ භාණ්ඩ  හා සේවා  නිෂ්පාදන ආයතන බහුලව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දක්නට ලැබේ. එසේ දක්නට ලැබෙන සෑම ආයතනයක්ම අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නේ තරඟකාරී වෙළඳපොල තුළ තම ආයතනය සාර්ථකත්වය කරා රැගෙන යමින් ආයතනයේ අරමුණු හා පරමාර්ථ සඵලදායී ලෙස ඉටු කර ගැනීමයි.

ආයතනයක අරමුණු හා පරමාර්ථ වඩාත් කාර්Hක්ෂමව හා සථලදායීව ඉටු කර.eනීමෙහිදී  ආයතනයේ  මානව සම්පතට ඇත්තේ ඉමහත් වගකීමකි. Bට හේතුව වන්නේ ආයතනයක සාර්ථකත්වයට මෙන්ම ආයතනයේ අසාර්ථකත්වයට මානව සම්පතෙන් ප්‍රබල බලපෑමක් සිදු වීමයි. මානව සම්පත යනු සංවිධානයක් සතුව පවතින මිනිසුන් හා ඵලදායී නිෂ්පාදන lටයුතුවලට යොමු කළ හැකි වන සතුව ඇති ශක්තීන් ,දැනුම ,කුසලතාවන් හා අත්දැකීම් වේ.මේවා සංවිධානයක සාර්ථකත්වය සහා භාවිතා කල හැකි අතර ඒවා සංවිධානයක් සතුව පවත්නා වටිනාම සම්පත ලෙස අර්ථකතනය කළ හැකිය.මුල් කාලයේදි ආයතනයේ වටිනාම සම්පත ලෙස සැලකුවේ ගනුදෙනුකරුවන්ය. නමුත් වර්තමානයේදී ගනුදෙනුකරුවන් තරමටම සේවකයින්ද ආයතනයේ වටිනාම සම්පත ලෙස සලකනු ලබයි.මන්ද යත් මනා දක්ෂතාවයකින් හා කුසලතාවයකින් පිරිපුන් සේවක පිරිසක් නොමැතිනම් ආයතනයට තම අරමුණු හා පරමාර්ථ කරා යාම සිහිනයක් වන බැවිනි.






මානව සම්පතට සුවිශේෂී වූ ලක්ෂණ කිහිපයක් පවතී.

·  නිර්මාණශීලීත්වය
·        ක්‍රියාකාරී වීම
·        වෙනස් බව
·        ප්‍රතික්‍රියා දැක්වීම
·        පුහුණු කිරීමෙන් දියුණු කළ හැකි වීම
·        අනෙකුත් සියලු සම්පත් ගැන තීරණ ගැනීමේ හැකියාව 







සංවිධානයක් සිය අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමට යන ගමනේදී ඒ සඳහා සම්පත් භාවිතා කිරීමට සිදුවේ.මූල්‍ය , ද්‍රව්‍ය ,තොරතුරු ,තාක්ෂණය යනාදී වූ අනෙකුත් සියලුම සම්පත් තිබුණත් ඒවා ප්‍රශස්ත ලෙස මෙහෙයවීම කළ හැක්කේ මානව සම්පත මගිනි.එම නිසා මානව සම්පත් කලමනාකරණය ආයතනයකට අත්‍යවශ්‍ය අංගයකි.මානව සම්පත් කලමනාකරණයේ  අවශ්‍යතාවය ප්‍රවීණ මානව සම්පත් ගත් කතුවරයකුවන Garry Desler මෙසේ කෙටි කර දක්වනු ලබයි.


“ ඔබ කළමනාකරුවෙක් නම් ඔබේ ආයතනය කළමනාකරණය කරන විට පහත සඳහන් ආකාරයේ වැරදි සිදුවනවා දකින්න කැමතිද?


 ·        කිසියම් රැකියාවක් සඳහා නුසුදුසු පුද්ගලයන් බඳවා ගැනීම

 ·        රැකියාව / ආයතනය හැර යන පුද්ගලයින් ප්‍රමාණය දිනෙන් දින අධික වීම

 ·        ඔබගේ යටත් සේවකයින් ඔවුන්ගේ උපරිම ධාරිතාවයෙන් කටයුතු නොකිරීම

 ·        ඵලක් නොමැති සම්මුඛ පරීක්ෂණ වලින් කාලය නාස්ති කර දැමීම

 ·        ඔබගේ සේවකයින් සම්බන්ධයෙන් ගත් තීරණ නිසා නීතිමය ක්‍රියාමාර්ගවලට යන්නට         සිදුවීම

 ·      ඔබගේ සෙවකයින් අතුරෙන් සමහරෙකු තමන්ට අසාධාරණයක් වීයැයි පසුතැවිල්ලෙන්      සිටීම

 ·        පුහුණුව මද බව නිසා අඩු ඵලදායීතාවක් නිරතුරුව දක්නට  ලැබීම.

 ·        අසාධාරණ කම්කරු ප්‍රතිපත්ති ආයතනයේ තිබීම.


·    
    ඉහත සඳහන් වූ ආකාරයේ දුර්වලතාවයන් මගහරවා ගැනීමට නම් ඔබ ආයතනයේ සාර්ථක මානව සම්පත් කලමනාකරණයක් ක්‍රියාත්මක විය යුතුය.”




  


  ආයතනයේ මානව සම්පත් කලමනාකරණ ක්‍රියාවලිය තුළ පහත සඳහන් මානව සම්පත්            කලමනාකරණ කාර්යයන්  පවතී.

·     ආකර්ෂණය
·     තෝරා ගැනීම
·     බඳවා ගැනීම
·     අනුස්ථාපනය
·     පුහුණුව හා සංවර්ධනය
·     කාර්යඵල ඇගයීම
·     වේතන කලමනාකරණය
·     කාර්මික සබඳතා
·     සේවක සුභසාධනය හා ආරක්ෂාව
·     විනය පරිපාලනය හා දුක් ගැනවිලි



මේ අනුව ආයතනයක පවත්නා සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කරමින් අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කරගැනීමට ආයතනයක මානව සම්පත කළමනාකරණය වැදගත් ක්‍රියාවලියක් හා අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්ද වේ.



සංවර්ධනයට සන්නිවේදනය

සංවර්ධනය හා සන්නිවේදනය




රාජ්‍යයන්ගේ  සංවර්ධනය ඒකාකාරීව නොපවතී.එය විටෙක වර්ධනීය  ලෙසත් තවත් විටෙක පරිහානීය ලෙසත් දකින්නට ලැබේ.රටක් මානව හා භෞතික යන දෙයංශයෙන්ම සංවර්ධනය කරා යාම එම රටෙහි ජාතික සංවර්ධනය යනුවෙන් හැඳින් වේ.එම ජාතික සංවර්ධනය සඳහා  ගමන් කිරීමට සන්නිවේදන ප‍්‍රවේශයන් අනුගමනය කිරීම සංවර්ධන  සන්නිවේදනය යනුවෙන් හැඳින් වේ.








සංවර්ධනය සඳහා සන්නිවේදනය යන සංකල්පය මුලින්ම හඳුන්වා දුන්නේ 1950 දශකය අගභාගයේදී පමණය.ඒ යුනෙස්කෝව විසිනි.එහෙත් සංවර්ධන සන්නිවේදනය  යන යෙදුම මුල් වරට භාවිතා කරන ලද්දේ 1970 දශකයේදීය. මෙම සංවර්ධන සන්නිවේදනය පිළිබඳ නව සංකල්පය ආසියා, අප‍්‍රිකා, ලතින් ඇමරිකානු හා කැරිබියානු රටවල් මහත් උනන්දුවක් ඇති කරලීමට සමත් විය. 



සංවර්ධනය වන රටවලින් මෙම සංකල්පය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේ පිලිපීනයයි.පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලයේ  ලෝස් බානියෝස්  සංවර්ධන සන්නිවේදන අංශයක් 60 දශකයේ අග භාගයේ දී ඇති කෙරුණි.මෙහි මූලිකත්වය ගෙන ක‍්‍රියා කළ නෝරා කබ්රාල් සංවර්ධන සන්නිවේදනයට මනා අර්ථකථනයක් ලබා දුන්නේය.ඒ අනුව පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය විසින් 1960 දශකයේ අග භාගයේ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් කළ අර්ථකථනය මෙලෙස දැක්විය හැකිය.

රටක වේගවත් වෙනසක් ඇති කිරීමට යොදාගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාවක් වේ.ඒ මඟින් රටක පුළුල් ලෙස ආර්ථික හා සමාජ සමානාත්මතාවය ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා පුළුල් ලෙස සපුරාලිය හැකිය.

 
මේ අනුව සංවර්ධන සන්නිවේදනය යන්නෙන් අදහස් කෙරෙන්නේ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් සන්නිවේදනය භාවිතා කිරීම බව පැහැදිලි ය. සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රජාව සහභාගී කරවා ගැනීමට යොදා ගන්නා පොළඹවන සුළු උපාය මාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහි වූ බව පෙන්වා දිය හැකි ය.



සංවර්ධනය මැනීම සඳහා වර්තමානයේ භාවිතා කරන නිර්වචනය වන්නේ ,
ආර්ථික  සාධකය පදනම් කොටගෙන සංඛ්‍යානමය මිනුම් දඬු ඔස්සේ සංවර්ධනය මැනිය නොහැකිය.මානසික සහනය ,අධ්‍යාත්මික දියුණුව ,චිත්ත ප‍්‍රීතිය වැනි ගුණාත්මක සංරචක ඔස්සේ සංවර්ධනය හඳුනා ගත යුතුය.තොරතුරු ම`ගින් ජනතාව දැනුවත් භාවයට පත් කරමින් ඒ අනුව ප‍්‍රජාව බල ගැන්වීම ඔස්සේ ප‍්‍රජාව පාලනයට සම්බන්ධ වීම සංවර්ධනයයි.
   


  •        තොරතුරු,
  •        දැනුවත්භාවය,
  •        බලගැන්වීම, 
  •        පාලනයට සම්බන්ධවීම,
  •        සංවර්ධනය


                                                 
කෙසේ වුවත් වර්තමානයේ සංවර්ධනය ක‍්‍රියාවලියට ජනතාව සහභාගි කරවා ගැනීමටත් ,ජනමත නිර්මාණයටත් ඇති ශක්‍යතාව ජන මාධ්‍යයට සාපේකෂව නව මාධ්‍ය සන්නිවේදනයට පවතින බව අවිවාදයෙන් පිළිගත යුතු ය.

ජන කවියෙන් පෝෂිත නූතන ගීතය







කවිය , ගීතය වනාහි මිනිසාගේ ගිනිගත් චිත්ත සන්තානය සහන් සුවයෙන් සතපවාලන දිව ඔසුවකි. එදිනෙදා ස්වකීය වෘත්තීය ජීවිතය තුළ වූ පාළුව , තනිකම ,විඩාව දුරුකර ගැනීම සඳහා තමාට රිසි පරිදි නිර්මාණය කර ගත් සතරපද කවි කලාවක් ලෙස ජන කවිය හැඳින්වේ.ගැමියන් අතර ජනප‍්‍රිය වී පරපුරෙන් පරපුරට පැවත එන ජන කවි, ජන ගීත ගැමියන්ගේ බසින් කරන ලද නිර්මාණයන් ය. පරපුරෙන් පරපුරට යන සංස්කෘතික පරිවර්තනය හේතු කොට ගෙන මූලික නිර්මාණයෙහි ස්වරූපය වෙනස් වෙමින් ප‍්‍රතිනිර්මාණ බිහි වේ.   නූතන ගීතයේ පෝෂණය සඳහාද වැඩි දායකත්වයක් ලැබුණේ ජනතාව අතර නිරතුරුවම රැඳි  මෙම ජන කවියෙනි.






සම්භාව්‍ය කාව්‍ය තුළ මෙන්ම ජන කවි තුළද සරල ලෙසින් විකාර රූපී කාව්‍ය ලක්ෂණය දැක ගත හැකිය. මේ ඊට නිදසුන් ජන කවියකි.


        ”සාවෙක් මම දුටිමි සයුරේ                      පීනනවා
         ඌරෙක් මම දුටිමි අතු අග දලූ                   කනවා
        ගෝනෙක් මම දුටිමි වත්තක අල               කනවා
        හීනෙන් මම දුටිමි පිරිමින් කිලි                 වෙනවා


මෙම විකාර රූපී කාව්‍ය ලක්ෂණය සාහිත්‍යයේදී සහෘදයාට රසයකි. ගීතයේදී කවියක මෙන් නොව විකාර රූපී වුවද එකී සංකල්පය වහා පැහැදිලි වන අයුරින් රචනා විය යුතුය. මෙකී සංකල්පය තේමා කොට ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත සකුරා මල් පිපිලා යන ගීතය එලෙස පබැඳුන සාර්ථක නිර්මාණයකි.

සකුරා මල් පිපිලා  හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ       
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු ලෙසින් මහ ? යාමේ


මින් රළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු මුදු සිංහ වලස් රැුළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ .....

     ගේය කාව්‍ය - සුනිල් ආරියරත්න
    සුසත්සරය හා සුගායනය- නන්දා මාලිනී



ගේ දොරකඩ සකුරා මල් පිපෙන්නේ නැත.රාත‍්‍රියේ හිරු පායන්නේ ද නැත.මින් රළ වෙරළේ සක්මන් කරන්නේ හෝ නාග,පිඹුරු ,සිංහ වලස් රැුල උඩු ගුවනේ පියෑඹීම හෝ කිසිදා නොවන්නකි. මෙකී සංකල්ප සියල්ල පෙර කී විකාර රූපී ගණයේ ජන කාව්‍යන්ගෙන් නිර්මාණකරුවා ලත් අත්දැකීම් ය.




ජන කවිය බොහෝ දුරට ගැමි ජනයාගේ වෘත්තීමය ජීවිතය හා ඒකාබද්ධව තිබේ.කිතුල් මල කපන්නට යන ගැමි තරුණයකු තමා පතා සිටින තරුණිය සිතෙහි මවා ගෙන ඇය යැයි කියා කිතුල්මලට අමතයි.මෙයින් පෙනෙනුයේ තම වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ගැමියාට මුළු ජීවිතයම වූ බවයි. ඊට උදාහරණ කවියකි මේ.


           ”      සිනා සිසී  දෑතින් පුටුව ගෙන                                 ලියේ
                  මුවාවට ගොසින් ඉකිබිඳ අඬන                               ලියේ
                  මම්ම නොවෙයි කල් බැන්දේ පුරුදු                         ලියේ
                  මදෙස බල බලා නාඬන්න රන්                                ලියේ 


උක්ත ජන කවිය ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාරයන් නූතන ගී පද රචනය සඳහා ආලෝකය කොට ගෙන තිබේ.පේ‍්‍රමයේ පැතිකඩක් ගීතය තුළින් ඉස්මතු කිරීමේදී ජනකවි අසා ඇති සහෘදයාගේ හදවතේ කොහේ හෝ සැඟව තිබූ සාම්ප‍්‍රදායික ලක්ෂණද මතුව එයි.


      ”   මගෙ හද මඩල මල් යහනකි                        ප‍්‍රභාවතී
          ඔබෙ හද මඩල මල් යහනකි                        ප‍්‍රභාවතී
          කටු යහනේ ඉන්නට බෑ                              ප‍්‍රභාවතී
          මල් යහනෙන් බැස පලයන්                         ප‍්‍රභාවතී  


         සිනාසිසී දෝතින් යහන සැදුව                         ලියේ
         මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව                       ලියේ
         මටම නොවෙයි කාටත් පෙම් බැන්ද                 ලියේ
         මදෙස බල බලා නාඩන්                           කුමාරියේ

ගේය කාව්‍ය - ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර
සුසත්සරය හා සුගායනය- ගුණදාස කපුගේ


කාටත් හොරා දීග ගිය තරුණියක විෂයෙහි ලියවූ ජන කවියක් රත්න ශ‍්‍රී විජේසිංහයන් සිය ගීත නිර්මාණය සඳහා ආලෝකය කොට ගෙන ඇත.


                සඳටත් හොරෙන් සඳ මුදුනෙන් සාවො                 ගියා
                ඉරටත් හොරෙන් ඉර මුදුනෙන් ගිරව්                     ගියා
                මලටත් හොරෙන් මල මුදුනෙන් බඹරු                   ගියා
                 කාටත් යොරෙන් රන් එතනා දීග                         ගියා

වස්තු විෂයෙන් පමණක් නොව එහි හෘදයාංගම බවද උකහා ගනිමින් රත්න ශ‍්‍රී විජේසිංහයන් රචනා කළ පහත ගීතය මා පිය අනවසරයෙන් විවාහ වන දියණියක පිළිබඳ ලියවූවකි.ජන කවියට වඩා නම්‍ය ගේය කාව්‍ය ලක්ෂණ පද රචනයේදී ආලෝකයකි.

        චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ   -     මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
        පාන නිවුණ සේ පාළුයි ලැයිං කාමරේ    -     මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ගේය කාව්‍ය- රත්න ශ‍්‍රී විජේසිංහ,
සුසත්සරය- රෝහණ වීරසිංහ,
සුගායනය-සුනිල් එදිරිසිංහ


විවාහ වී කලක් ගොස් දරුසම්පත් නොමැති නම් ජය සිරිමා බෝධියට ගොස් බාර වී දරුවන් පැතීම සිංහල සමාජයේ ප‍්‍රතිමානයකි.උඩ මළුවට එනතුරු ඔවුන් කාංසිය දුරු වීමට  කී කවි පැතුම් කවි නම් වේ.එවැනි කවියකි මේ.

                      අපේ ගමෙන් බත් බැඳ ගෙන තිසා වැවට       යන්ටයි
                      තිසා වැවේ රතු නෙළුමේ බත් දාගෙන          කන්ටයි
                      එතන ඉඳන් පේවි පේවි උඩ මළුවට              එන්ටයි
                      සිරිමා බෝ සාමී මට පිරිමි පුතෙක්               දෙන්ටයි


සිරිමා බෝ සාමිනි පිරිමි පුතෙක් දෙන්ටයි යන්න මූලික ධාරණාව ලෙස ගෙන රත්න ශ‍්‍රී විජේසිංහයන්
කළ පහත ගීතය ජන කවියෙන් ලත් ආභාසය ප‍්‍රකට කරන්නකි.

සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා -  සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහර පූජාවට අළුත් සහල් පුදලා     -   සිරිමා බෝ සාමී මම පිරිමි පුතෙක් පැතුවා
     
       සුසත්සරය-  රෝහණ වීරසිංහ
       සුගායනය-  නිරංජලා සරෝජිනී






කැලේ ගොසින් ඉණි කැපුවා කැත්ත දනීයන ජන කවිය රුචිර පරණවිතාන මහතා රචනා කළ බොරළු ඇනෙන පය රිදවන ගීතයට  පාදක වී තිබේ.ගීතයේ  එම කොටස මෙසේ ය.

                කැලේ ගිහින් නිදි වැරුවා - කැකුණ සඳුන් දණ්ඩ දනී
                ඒ සඳුනෙන් සිත තැවරූ  -    සුවඳ පවා සිහින වැනී

        සුසත්සරය-  රෝහණ වීරසිංහ
        සුගායනය-  දීපිකා ප‍්‍රියදර්ශනී

ඇතැම් ජන කවි එලෙසින්ම ගෙන තනුව යොදා ගායනා කරන ගීතද පවතී.රෝහණ බැද්දගේ මහතා                ජන කවියක් ගීතයක් බවට පත්කළ අවස්ථාවකි මේ.

වයිර ගොනා දන ගහගෙන අදිනකොට-මයිල ගොනා ඇද්දයි පස්සට හොරට”   

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල -    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල- මස්ථකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා   -     සසඳ සසඳ අපි මහ පාරේ යනවා


බුදුදහමේ සාරය කැටිව කරත්තකරුවන්ට දෙන උපදේශ මෙහි අන්තර්ගතය.




මීට අමතරව ජන කවියේ  නාද රටා, විරිත් , ආකෘතිය ආදියෙන් ද පෝෂණය වූ බොහොමයක් ගීත නූතන ගීත ලෝකයට දායාද වී තිබේ.පුන්සඳ ?ට ඇවිදින් හේනේ, මඬේ ලගින තාරාවන් , රුක් අත්තන මල මුදුනේ වැනි ගීත ද ජන කවියෙන් පෝෂණය ලද ගී නිර්මාණයන්ය. නූතන ගීත මඩ ගොහොරුවෙන් ඉහළට එසවුණු අර්ථයෙන් සුපෝෂිත බොහෝමයක් ගී පියුම්  ජන කවියෙන් පෝෂණය වූ නිර්මාණයන් ය. එනිසාම නූතන ගීත රචකයින් සිය පුද්ගලානුභූතිය කාව්‍යානුභූතියක් බවට පත් කිරීමේදී සාර්ථක වී තිබේ.


ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...