සංචාරක
කර්මාන්තය අද වන විට ලොව විශාලතම කර්මාන්ත වලින් එකක් ලෙස වර්ධනය වී පවතී.ජාත්‍යන්තර
වශයෙන් මෙන්ම ජාතික ආර්ථික යාන්ත්‍රණයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන සංචාරක ව්‍යාපාරය
ජාත්‍යන්තර වෙළඳාමෙහි තුන්වන
ස්ථානය හිමි කරගෙන තිබේ.දේශීය විදේශීය සංචාරකයින්ගේ සොඳුරු නවාතැන්පොළක් ලෙස
ශ්‍රීලාංකේය නාමය අතීතයේ සිටම ප්‍රචලිත ය. පරිබාහිර ලෝකය විසින් ශ්‍රී ලංකාව දැන
හැඳින සිටියේ ක්රිස්තුවර්ෂයටත්
පෙර සිට බව සාධක හමුවේ.
හිරු නොබසින අධිරාජ්‍යය ලෙස හඳුන්වනු ලැබූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේද සංචාරක ව්‍යාපාරයට පදනම වැටුණේ 1930 ගණන්වලදීය.එවක යුරෝපයේ සිට පෙරදිගට නාවුක ගමනාගමනය ආරම්භ වීමත් සමඟ ඉන්දීය සාගරයට අවතීර්ණ වූ නෞකාවලට මුලින් ම හමුවන නාවුක වරායක් ලෙස කොළඹ වරාය නිතැතින්ම එම නාවුක ගමනාගමන මාර්ගයේ එක් නැවතුම් පොළක් බවට පත්වීම සිදුවිය.1930 ගණන්වල සිට එවක විශේෂයෙන් එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට හා ඈත පෙරදිග රටවලටත් ගමන් කළ නෞකාවලින් ශ්‍රීලංකාවට ගොඩබට යුරෝපීයන්ගෙන් ප්‍රධාන ආකර්ෂණය බවට පත්වූයේ ශ්‍රීලංකාවේ නිරිතදිග කලාපයේ පිහිටි සදා හිරු රැසින් නැහැවුණු මුහුදු වෙරළ තීරයයි.සංචාරකයින් බොහෝ විට සිය සංචාරයේ ගමනාන්තයක් ලෙස ශ්‍රීලංකාව තෝරා ගනු ලබන්නේ ප්‍රධාන සාධක කිහිපයක් නිසාවෙනි.

Sand - මුහුදු වෙරළ
ශ්‍රීලංකාව
තුළ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට බොහෝ දෑ පවතී.ස්වභාවික පරිසරය,වනජීවීන්,
සංස්කෘතිය, ආගන්තුක සත්කාරය ආදී අංග රැසකින් ලංකාව පොහොසත් ය.ශ්‍රී ලංකාවට
සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අලෙවිකරණය සාර්ථකව යොදා ගත යුතුය.සංචාරක ක්ෂේත්රය
ජය ගැනීමෙහිලා සංචාරක ක්ෂේත්රය සන්නාම ගත කිරීම වැදගත් වේ.
තායිලන්තය - පුදුම තායිලන්තය - Amazing Thailand
සිංගප්පූරුව - විශේෂිත සිංගප්පූරුව - Uniquel Singapore
ඉන්දියාව - ඇදහිය නොහැකි ඉන්දියාව - Incredible India
මෙම රටවල් සිය නාමය සංචාරක ලෝකය තුළ සන්නාම ගත කර තිබේ. මුල්
කාලය තුළ ශ්‍රී ලංකාව භාවිතා කළ තේමා පාඨය වූයේ අනෙකෙකුට අසමාන වූ භූමිය - Land like no other
යන නාමයයි.ඉන්පසු පුංචි ආශ්චර්යය - Small miracle නම් තේමා පාඨය යොදා ගන්නා ලදී.වර්තමානයේ
ආසියාවේ ආශ්චර්යය - Wonder of Asia යන නමින් ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය උදෙසා
සන්නාම ගත කරන ලදී.
ශ්‍රීලංකාව සත්කාරයට ලැදි මිනිසුන් වෙසෙන රටකි..ආගන්තුක
සත්කාරය නිසාම සංචාරකයින් ශ්‍රීලංකාව ගමනාන්තයක් ලෙස තෝරා ගැනීමට පෙළඹේ.ආර්ථික
සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කරන ලද සංචාරක ක්ෂේත්‍ර යේ සංවර්ධන උපාය මාර්ග 2011 – 2016 සැලැස්මෙහි 23 පිටුවේ මෙසේ දැක්වේ.
"වඩාත් වැදගත් වන්නේ අප රටෙහි සංචාරයෙහි නිරත
සංචාරකයන් තම සංචාර තුළින් අතිශය තෘප්තිමත් වීම සහ ඔවුන් රැගෙන යන සැමරුම් පිළිබඳවයි.මෙහිදී
අපේ රට පිළිබඳව මුවින් මුව නැගෙන හොඳ නම වඩාත් ඵලදායී ප්‍රවර්ධන මෙවලමක් බවට නිරායාසයෙන් පත්වේ.
එහි තවත් තැනක සමාජයෙන් සංචාරකයන්හට පිරිනමන ආගන්තුක සත්කාරයන් පිළිබඳව ඔවුන් තුළ ධනාත්මක හැඟීමක් ජනිත කිරීම සඳහා ඵලදායී මාධ්‍ය යොදා
ගැනීම යන්න සංචාරකයන්ගේ තෘප්තිමත්භාවය සහතික කර ගැනීම සඳහා ක්‍රියාවට නංවන බවද සඳහන්ය.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2010 වර්ෂයේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව නියම් සහ අනියම් වශයෙන් සියයට 60 ක
පමණ සංචාරක පිරිසක් ලංකාවට එන්නේ මේ රටට එන සංචාරකයා ගෙන යන පණිවිඩය මත බව තහවුරු
කර තිබේ.විදෙස් සංචාරකයා සිනහවෙන් පිළිගන්න යැයි කියමනක් පවතී.එබැවින්
ශ්‍රී ලාංකීය නාමය දෙස් විදෙස් ලොව පුරා සුපතළ කිරීමේ වගකීම සමස්ත ශ්‍රී
ලාංකිකයන්ගේම වගකීමකි.
wonder of asia.proud for be a srilankan
ReplyDeletetnx macho
ReplyDelete