Tuesday, June 6, 2017

නොවන් උමතු කළ්‍යාණියේ


නොවන් උමතු කළ්‍යාණියේ





ආදර සිහිනෙක සෝ සුසුමයි
කදුළක් ලෙස දියවී යන්නේ 
     මා හද පෙම් බැදි එකම හදවතයි
    නුඹෙ ළමැදේ තුරුලුව යන්නේ
          මගෙ තනියට අද නුඹ මගෙ ළග නෑ
තනියට උලලේණයි හැඩුවේ
            ආදර දෙහදක් වෙන් නොකරන්නට 
            නොවන් උමතු කළ්‍යාණියේ............

        කැළණි අහස අද එළිය කරන්නට 
සදවත නුඹ නැතිවද එන්නේ 
 ඒ හින්දාදෝ අහස හඩන්නේ
   තබමින් කදුළැලි දෑස කොනේ
     බට දඩු ලීයක හඩනා  ස්වරයයි 
 ඒ   කදුළට  තාලය    දුන්නේ
             වැලපෙන හදකට රිදුම් නොදෙන්නට
            නොවන් උමතු කළ්‍යාණියේ............

       කැළණි විහාරෙන් ආ සිල් සුවදයි
          නුඹෙ දෙකොපුල් සිඹගෙන ආවේ 
       කදුළු මැදින් මතකෙට ආවේ මට
කිරි සුවදට අපි වුණු බාරේ 
   කූඩුව කඩලා කිරි කල සිදලා 
කිරි කැටියා සතපා තුරුලේ 
            රැගෙන ගියේ ඇයි කිරිකැටි සිහිනය
නෑ    බැන්දේ   පංචායුදේ
           උරණ වෙලා නුඹ අහිමි ප්‍රේමයෙන්
      මේ ලෙස ඇයි රිදවුම් දෙන්නේ
              සිගිති ලොවක කිරි සිනහ නසන්නට 
           නොවන් උමතු කළ්‍යාණියේ..........




5 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...