Sunday, July 9, 2017

ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය

ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය



ප්‍රචණ්ඩත්වය යන්න අද අපේ මනසට ඉතාම සමීප වූවක් වී ඇත.මෑත කාලය තුළ අප සමාජයේ ප්‍රචණ්ඩත්වය වැඩි වීමට සමාජීය හා ආර්ථික කරුණු හේතු වී ඇත.මින් වඩාත් පීඩාවට පත්වන්නේ ස්ත්‍රියයි.මේනිසා ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මුලු සමාජ අර්බුධයේම කොටසකි.මේ වෙනුවෙන් ස්ත්‍රිය ගෙවන වන්දිය කොතෙක්ද යන්න පිළිබ‍ අපට දිනපතා පුවත්පත්වල වාර්තාවන සිද්ධීන්ගෙන් යම් තරමකට හෝ වටහා ගැනීමට හැකි වනු ඇත.


වත්මන් සමාජ ආකල්පවලට අනුව ස්ත්‍රිය හො බිරික් යහපත් මවක් හා කාර්යශූර ගෘහණියක් වශයෙන් ඇගේ යුතුකම් හා වගකීම් කොටස ඉටුකළ යුතුය.ග්‍රාමීය ස්ත්‍රිය ගෙදර දොරේ වැඩ කටයුතු , ස්වාමියාගේ හා දරුවන්ගේ ඕනෑ එපාකම් ද සමාජීය යුතුකම්ද හේනේ කුඹුරේ වැඩ කටයුතුවලදීද සහය විය යුතු ය.නාගරික සමාජයේ ඇති විවිධ පන්ති ස්ථර තුළ , විශේෂයෙන්  පැල්පත්වල හා මුඩුක්කුවල දිවිගෙවන ස්ත්‍රිය පවුල්බර කරට ගත් ආර්ථික සටනක යෙදෙන්නියක වේ.එම පරිසරය තුළම වෙසෙන මධ්‍යම පාන්තික  ස්ත්‍රීන් තම ගෙදර දොරේ වැඩ කටයුතුවලට අමතරව තම සමාජීය තත්ත්වය රැක ගැනීම සහා ආර්ථික වශයෙන් ස්ථීර පදනමක් ද ගොඩනගා ගත යුතු ය.


නිවස ඇයට ආරක්ෂිත ස්ථානයක් යැයි සැළකුවද  අද ස්ත්‍රියට එරෙහි ව සිදුවන බොහෝමයක්  ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වන්නේ නිවස තුළිනි.ස්ත්‍රියට එරෙහිව සිදුවන මෙම සැහැසිකම්වලදී සමාජ අපහාසය, පීඩනයට පත් ස්ත්‍රිය වෙතට ම එල්ල කිරීමට මුලු සමාජයම පුරුදුව සිටී.එනිසා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පොලිස් වාර්තාවලට ඇතුළත් වන්නේ  20% ක තරම් සුළු ප්‍රමාණයකි.මාධ්‍ය නිරීක්ෂණය යටතේ ස්ත්‍රීන් එරෙහි පහත ප්‍රචණ්ඩ ක්‍රියා හ‍ඳුනාගත හැකිය.

1.      ස්ත්‍රී ඝාතනය

·         ද්වේශ සහගත මිනී මැරුම්
·         අභිරහස් ලෙස මරා දැමීම්
·         සැක සහිත ස්ත්‍රී මරණ  
·         දූෂණය කර හා දූෂණයට තැත් කර මරා දැමීම

2.      සිය දිවි නසා ගැනීම්

3.      ස්ත්‍රී දූෂණය

·         සේවා ස්ථානය තුළ
·         අස්වාභාවික ලිංගික අතවර
·         මගතොටේ වන අතවර
 

4      ශාරීරික වධ හිංසා
·         පහර දීම්,තර්ජනය කිරීම්,බිය වැද්දීම්,නින්දා අපහාස

5     නිල් චිත්‍රපට ස‍‍ඳහා කාන්තාව යොදා ගැනීම

6  කම්කරු හා වෘත්තීය අයිතින් අහිමි කිරීම

ශ්‍රම සූරා කෑම ඇතුළු සෑම ආකාරයකම වෙනස්කම්


කාන්තාවට අවශ්‍යවන්නේ සමාජයේ වඩා උසස් ස්ථානයක් නොවේ. කාන්තාවට හා පුරුෂයාට සමතැන සමාජයේ හිමිවීම තුළින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා යම්තාක් දුරකට මගහරවා ගැනීමට හැකියාව ලැබේ.එසේ නොවන තාක්කල් ස්ත්‍රිය සමාජයේ පීඩිත පාංතිකයාගේ භූමිකාව තවදුරටත් නිරූපණය කරන බව අවිවාදයෙන් පිළිගත යුතුය.


6 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...