Wednesday, July 19, 2017

සැබෑ නිදහස හා වල්බූරු නිදහස

                             සැබෑ නිදහස හා වල් බූරු නිදහස




මිනිස් ජීවිතය පරිපූර්ණ වීම සඳහා නිදහස අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු ය. නිදහස අහිමි මිනිසා සිරකරුවෙකි. නැතිනම් වහලෙකි.නිදහස අහිමි වීම මනුෂ්‍යත්වය අහිමි වීමක් හා සමාන වේ.එයින් පැහැදිලි වන්නේ නිදහස හා මනුෂ්‍යත්වය අතර අවියෝජනීය සබඳතාවක් පවතින බවයි.

           ”නිදහස මහ මුහුදක් වේ
            එහි උල්පත පුත නුඹ         වේ
            ඒ බව සිහිකොට මෙලො වේ
            යුතුකම ඉටුකළ යුතු වේ  ”


යනුවෙන් කවිය අවිය කර ගනිමින් අතීතයේ නිදහස් සටන් ව්‍යාපාරය මෙහෙයවන්නට උදාර සේවයක් කළ ටිබෙට් ජාතික එස් .මහින්ද හිමියන් එදා ඒ කී දේ තුළ අදත් සිතන්නට බොහෝ දෑ තිබේ.මෙයට සමගාමීව  සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික යනාදී වශයෙන් විවිධ ඉසව් ඔස්සේ නිදහස යන කතිකාව දිගහැරීම කාලීනව වැදගත් වේ. ඊට හේතුව වන්නේ කී දේට වඩා කිව යුතු බොහෝ දෑ තිරයෙන් පිටුපස පවතින බැවිනි.





අතීතයේ දිනාගත් නිදහසක් අභිමානවත් ලෙස සමරමින් උදම් ගී ගයමින් ජාතිකාභිමානයෙන් සිටින අපි නිදහසේ සැබෑ උරුමකරුවෝද? නැතිනම් නිදහස නැමති මායාවේ ගොදුරු බවට පත් වූවෝද? විවිධාකාර වූ අන්තෝ ජටා , බහි ජටාවන්ගෙන්  බැඳී සිටින මිනිසාට නිදහසක් ගැන කතා කරන්නටවත් නිදහසක් නැත.” මිනිසාට නිදහසක් නැත. ඔහු සදා යදම්වලින් බැඳ සිටී ”යනුවෙන් ප‍්‍රබල දේශපාලන විචාරකයකු වන රූසෝ දක්වා තිබේ. මිනිසාගේ නිදහස බැඳ දමන මේ යදම් මොනවාද?




නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවාවක් , නිදහස් රටක් යනාදී වශයෙන් බොහෝදෙනා නාමමාත‍්‍රික නිදහසක් ගැන කතා කරද්දී වල් වැදී ගිය නිදහස,අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඇතමෙක් පාරට බසිති. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සරසවි සිසුවෝ අරගල කරති.නිදහස් අධ්‍යාපනය වත්මනේ නිදහස් නැත.අධ්‍යාපනය පෞද්ගලිකරණය වෙමින් තිබේ.අල්ලට සිඟාවත් රස නැති කැවිලි කමින්  නිදි නොලැබ දුක් විඳ ඇල්මෙන් අකුරු උගෙන, ගන්නට සිහින දකින උපාධිය, ඇති හැක්කන්ට මුදලට විකුණන හොර උපාධි කඩ බොහොමයක් පවත්වාගෙන යන බවට ඔවුහු මැසිවිලි නගති.




විශ්වවිද්‍යාලය තුළ පමණක් නොව පාසල් පද්ධතිය තුළද නිදහස් අධ්‍යාපනය වාණිජකරණය වෙමින් තිබේ. පළමු වසරට සිසුවෙකු නිදහසේ ඇතුළත් කර ගැනීමට අවස්ථාවක් නැත.තරඟකාරී උපකාරක පන්ති රැුල්ල නිසා අධ්‍යාපනයේ මෙන්ම දරුවන්ගේ නිදහස ද වියැකී ගොස් තිබේ. එදා සිට අද දක්වා විවිධ මුහුණුවරින් ක‍්‍රියාත්මක වන යල්පැන ගිය පිළුණු වූ අධ්‍යාපන ක‍්‍රමය නිසා තාර්කික චින්තනය දරුවන්ගෙන් තුරන්ව යාම කණගාටුවට කරුණකි. අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කීවාට පමණක්  ඵලක් නැත. නව සොයා ගැනීම් කරන්නට තාර්කික චින්තනය ගොඩ නැංවිය යුතු ය. මේ පිළුණු වූ අධ්‍යාපන ක‍්‍රමය තුළ බිහිවන  සිසුවා ගුරුවරයා කියන දේට එහෙයි කියනවා විණා එහෙමද? යනුවෙන් ප‍්‍රශ්න කරමින් ගැටෙමින් සක‍්‍රීයව ක‍්‍රියා කරන්නේ නැත.එයට හේතුව ඔවුන්  චින්තනයේද වහල්කරුවන් වීමයි.





අධ්‍යාපනික ක්ෂේත‍්‍රය තුළ මෙන්ම ආර්ථික ක්ෂේත‍්‍රය තුළ ද පවතින්නේ වල්බූරු නිදහසකි.අහස උසට නැගි ජීවන බර හමුවේ රුපියල් සත වෙනුවෙන් තම පෞද්ගලික නිදහස පවා වෘත්තිය ජීවිතය තුළ මිනිසාට උකසට තබන්නට සිදු ව ඇත. දේශීය ආර්ථිකය ශක්තිමත් නැත.අද අප පරිභෝජනය කරනා බොහෝ නිෂ්පාදන විදේශීය රටවලින් ආනයනය කරන ලද ඒවාය. වෘත්තීය නිදහස අයිතීන් දිනා ගනු වස් ධීවර ජනතාව,ගොවීහු මෙන්ම මාධ්‍යවේදීහුද පසුගිය දිනයන්හි පාරට බැස හඬ නැගූ ආකාරය ප‍්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අපට අසන්නට දකින්නට ලැබුණි. එවන් තත්ත්වයක් තුළ අප බුක්ති විඳින්නේ සැබෑ නිදහසක්ද වල්බූරු නිදහසක්ද යන්න අපි අපිම සිතා බැලිය යුතු නොවේ ද? 






අන් සියලූ ක්ෂේත‍්‍රයනට වඩා නිදහස අර්ථාන්විත විය යුත්තේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ය. ඊට හේතුව රටක පාලන තන්ත‍්‍රය මෙහෙය වන්නේ දේශපාලන අධිකාරිය වන බැවිනි.නමුත් සිදුවන්නේ  ජනතා පරමාධිපත්‍යය ගැන මහත් උජාරුවෙන් කතාකරන බොහෝ දේශපාලකයින් විසින්ම ජනයාගේ නිදහසට වැට බැඳීමයි. දේශපාලන පළිගැනීම් ,මැර දේශපාලනය නිදහසට බාධාවකි. රටක් සැබෑ නිදහසකට උරුමකම් කියන්නේ එම රටේ පාලනතන්ත‍්‍රය විදේශයන්ගේ දෑත් මත නැටවෙන රූකඩ ලෙස ක‍්‍රියාත්මක නොවී ස්වදේශීයත්වයට ගරුකරන සෘජු කශේරුකාවක් සහිතව ක‍්‍රියා කිරීමෙනි. එපමණකින්ම නිදහස සුරක්ෂිත වන්නේ නැත.පාලකයින්ට සේම පොදු ජනයාටද නිදහස සුරක්ෂිත කිරීමෙහිලා වගකීමක් සේම යුතුකමක්ද ඇත.




කෙනෙකුට සැරයටියක් වනමින් වුවද පාරේ ගමන් කළ හැකිය. නමුත් එම නිදහස අනෙකාගේ නාසය ඇති තැනින් කෙළවර විය යුතු ය . යනුවෙන් හැරල්ඞ් ලැස්කි දක්වා ඇත. එබැවින් කළ යුත්තේ සිංහලේ , මරක්්කලේ යනුවෙන් ලේබල් කිරීම හෝ  එය ප‍්‍රදර්ශනය කරමින් ජාතීන් වශයෙන් කුලල් කා ගැනීම නොවේ. එසේ අන්තගාමීව ජාතීන් වශයෙන්  කුලල් කා ගැනීම නිසා තිස්වසරක් මුළුල්ලේ විඳි බිහිසුණු අත්දැකීම් තවමත් අප සිත්හි නිදන්ව ඇත.එබැවින් ජාතිකත්වය තහවුරු කිරීම වෙනුවෙන් නොව ශ‍්‍රී ලාංකිකත්වය තහවුරු කිරීම වෙනුවෙන් සියලූ දෙනා එක්විය යුතුය.ඒ සඳහා පාලකයින් ඔවුන්ට මග පෙන්විය යුතු ය.එමෙන්ම සියළු දෙනාගේ නිදහසට ගරු කළ යුතු ය.සැබෑ යහපාලනය අර්ථ ගැන්විය හැකි වන්නේ එවිට ය. එබැවින් නාමමාත‍්‍රික වල්බූරු නිදහසක් උදෙසා නොව සැබෑ නිදහසක් උදෙසා සියලූ දෙනා එක් රොක් විය යුතු ය.




9 comments:

  1. attatam nidahasa nidahas na nda

    ReplyDelete
  2. Good one.keep up the good work

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අද වචන මාත්‍රයක් පමණක් වූ නිදහස පිළිබඳ හොඳ කියැවීමක් මේ ලිපියේ තියෙනවා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. nidahasa nidahas nathi ekai gataluwa

    ReplyDelete

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...