Wednesday, July 19, 2017

සුන්දර සමනල වැව සංචාරක කලාපය

සමනල වැව සංචාරක  කලාපය


ශ්‍රී ලංකාව පරිබාහිර ලෝකයා විසින් දැන හැඳින සිටියේ ක්‍රිස්තු පූර්ව යුගයටත් පෙර සිට බවට සාධක හමුවේ. ඒ අනුව ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ සොඳුරු නවාතැන් පොලක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය  ප්‍රවර්ධනය කිරීම සහා පළාත් නවය අනුව සංචාරක ගමනාන්ත හා ඒ හා බැඳුණු සියලු අංශයන් සංවර්ධනය කිරීමට රජය ක්‍රියා කරන ආකාරය දැක ගත හැකි ය.


 ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය තුළ සබරගමු පළාතට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි .ලෝක පූජිත උරුමයක් වූ ශ්‍රී පාදස්ථානය, ලංකාවේ විශාලතම වනාන්තරය වන සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන්නේ මෙම සබරගමු පළාත තුළ වීම විශේෂත්වයකි. 

සංචරණයට සබරගමුව - VISIT SABARAGAMUWA යන තේමා පාඨය ඔස්සේ මූලික වශයෙන් පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට බලධාරීන් ක්‍රියාකරනු ලැබේ. රත්නපුර දිස්ත්‍රික්කය හා කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුළත්ව ප්‍රධාන සංචාරක කලාප 07 කට බෙදා සබරගමු පළාත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ඒ පිළිබ අදාළ පාර්ශවයන් ක්‍රියා කිරීම ප්‍රශංසනීය වේ. එම සංචාරක කලාප මේවා ය.



 කෑගල්ල දිස්ත්‍රික්කය -   දැදිගම සංචාරක කලාපය
                                     සීතාවක සංචාරක කලාපය
                                     මා ඔය සංචාරක කලාපය


රත්නපුර දිස්ත්‍රික්කය - මිණිපුර සංචාරක කලාපය
                                   සිංහරාජ සංචාරක කලාපය
                                  උඩවලව සංචාරකකලාපය     
                                 සමනල වැව සංචාරක කලාපය



සමනල වැව සංචාරක කලාපයට බලංගොඩ , වැලිගෙපොල සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් අයත් වෙයි.රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති කලාප අතුරෙන් ඉතාමත් ඉහළ ජෛවවිවිධත්වයක් ඇති කලාපයක් ලෙස මෙම මෙම කලාපය හඳුනාගනු ලැබේ.මෙම සංචාරක කලාපය එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද  අනෙක් පසින් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ගෙන්ද මායිම් වේ.


සමනළ වැව ජලාශය මෙම කලාපයේ ප්‍රධානතම ස්වභාවික ආකර්ෂණයකි.බදුල්ල කොළඹ  ප්‍රධාන මහා මාර්ගය මෙම කලාපය හරහා වැටී තිබීම නිසා ඒ ආශ්‍රිත ගමනානතයන් සහා ඇදෙන දෙස් විදෙස් සංචාරකයින් මෙම කලාපයට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතී.මහවලතැන්න සහ බලංගොඩ සානුව මෙම කලාපයේ පිහිටා ඇත.





ඳුකර තෙත් වනාන්තර ,වියළි කලාපීය වනාන්තර ආදී ස්වභාවික විවිධතා මෙම කලාපයේ පවතී.මෙම කලාපයේ සිට නන්පෙරියල් වතුයාය හරහා හොර්ටන් තැන්නට සහ ලෝකාන්තයට පහසුවෙන් ළඟාවිය හැකි ය.උඩවලව හගිරිය පිවිසුම් මාර්ගය, බෙලිහුල්ඔය සිට හෝර්ටන්තැන්නට ඉදිවන මාර්ගය, සීලගම ප්‍රජා සංචාරක ගම්මානය ආදී ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මෙම කලාපයේ ආරම්භ කර තිබේ.


ඒ අනුව සංචාරක කලාපයක් ලෙස සමනලවැව සංචාරක කලාපය සංචර්ධනය කිරීමට ඉහළ විභවතාවයන් හා ආකර්ෂණයන් පවතින බව පැහැදිලිය.ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයෙහිලා සමනලවැව සංචාරක කලාපය සංවර්ධනය වැදගත් වේ.
                                  

9 comments:

  1. godak lassanai tourism promotion ka kalape wen kala

    ReplyDelete
  2. මෙරට සංචාරක කලාප පිළිබඳ මෙබඳු දැනුවත් කිරීම් හරහා ඇතැම් විට දේශිය සංචාරකයන් ඒවා අවභාවිතයට යොමුවන ප්‍රවණතාවය වැඩිය..කෙසේ වෙතත් සද්භාවයෙන් මෙවැනි ලිපි පළ කිරීම රටට වැඩදායි වනු ඇත

    ReplyDelete
  3. sancharaka karmanthaya develop karanna e pilibanda publicity eka onimai.good work

    ReplyDelete
  4. ස්තූතියි විජි

    ReplyDelete

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...