Saturday, June 24, 2017

සංචාරක මාර්ගෝපදේශනය
Tour   Guiding



සංචාරක ගමනාන්ත වශයෙන් කටයුතු කරන ලෝකයේ සෑම රටක්ම පාහේ සංචාරක මාර්ගෝපදේශකයන්  විසින් සංචාරකයන්ටත් එරට සංචාරක ව්‍යාපාරයටත් මහඟු සේවයක් ඉටු කරනු ලැබේ. බොහෝ රටවල සංචාරකයින් අදාළ සංචාරක ගමනාන්තයට ළා වූ අවස්ථාවේ දී හමුවන ප්‍රධානතම පුද්ගලයා වනුයේද සංචාරක මාර්ගෝපදේශක වරයෙකි. එසේම සංචාරකයා අදාළ සංචාරක ගමනාන්තයේ ගත කරන මුලු කාලය තුළදී ළංව කතා කිරීමට, ආශ්‍රය කිරීමට හා සම්බන්ධතා පැවැත්වීමට ලැබෙන එකම පුද්ගලයා විය හැක්කේ ද සංචාරක මාර්ගෝපදේශක වරයකි.




සංචාරක මාර්ගෝපදේශකවරයෙකු විසින් ඉටු කරනු ලබන කාර්යභාරය නිල නොලත් තානාපතිවරයෙකුගේ කාර්යභාරයට සමාන විය යුතු බව අමුතුවෙන් සහන් කළ යුතු නොවේ.ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට සංචාරකයන් ආකර්ෂණය  කර ගැනිම සහා ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් වශයෙන් සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඉටුකරනු ලබන සේවය යොදාගත හැකි ය. සංචාරක මාර්ගෝපදේශකයකු මැනවින් තම සේවය ඉටු කිරීම තුළින් සංචාරකයා හරහා  කටින් කට යන ප්‍රචාරය  අද ශ්‍රී ලංකාව පිළිබව ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් වී ඇති බව ද අමතක කළ යුතු නොවේ.



1986 සංචාරක මාර්ගෝපදේශකයන්ගේ නීති සංග්‍රහයට අනුව ශ්‍රී ලංකාවේ දී සංචාරක මාර්ගෝපදේශකයන් කාණ්ඩ හතරක් යටතේ බලපත්‍ර නිකුත් කෙරේ.ඒවා පහත පරිදි වේ.

·         ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය

·         සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්ය

·         ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය

·          ස්ථානීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය


සංචාරක මාර්ගෝපදේශවරයා චාරිකා උපදේශකවරයෙකු, තොරතුරු සපයන්නෙකු, සංවිධායකයෙකු, චාරිකා මෙහෙයුම්කරුවෙකු හා සංචාරකයන් උනන්දුකරන්නෙකු  වශයෙන් බහුවිධ කාර්ය භාරයක් ඉටු කරන්නෙකි.


සංචාරක මාර්ගෝපදේශකයෙකු සතුවිය යුතු ගුණාංග රැසක් පවතී.



            අධ්‍යාත්මික ගුණාංග

අවංකකම, චාම්කම, අභිමානය, විශ්වාසවන්ත භාවය
           
              බුද්ධිමය ගුණාංග

තොරතුරු ඒකරාශි කර ගැනීමේ උනන්දුව හා තම රට පිළිබව තොරතුරු හොඳින් දැන සිටීම.මෙන්ම නිර්මාණශීලි හැකියාව
                                                                                                                                                                            වෘත්තීමය ගුණාංග



අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, නිවැරදි හා හදිසි තීරණ ගැනීමේ හැකියාව,තමන්ගේ සංචාරක කණ්ඩායම සංවිධානාත්මකව මෙහෙයවීමේ හැකියාව ,අවශ්‍ය වන කවර විෂයක් පිළිබ වුව ද මැනවින් තොරතුරු කියාදීමේදී සංචාරකයින්ගේ අවධානය රවා ගැනීමේ හා ඔවුන් නිවැරදිව ස්ථාන ගත කර ගැනීමේ හැකියාව.
 පැවතිය යුතුය.


සංචාරකයන් සම යහපත් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම තුළින් එම සංචාරකයන් නැවත නැවතත් තම රටට ගෙන්වා ගැනිමට සාර්ථක සංචාරක මාර්ගෝපදේශවරයෙකුට හැකියාව ලැබේ.

එසේම සංචාරකයා ආගනතුකයකු සේ පිළිගෙන මිතුරකු සේ සමුගන්න යන්න සෑම සංචාරක මාර්ගෝපදේශකයකුගේම හේතු පාඨය විය යුතු ය.ඒ තුළින් සංචාරක ව්‍යාපාරය තුළින් අපේක්ෂිතාර්ථ සාර්ථක ලෙස මුදුන්පත් කර ගැනීමට හැකියාව පවතී.








7 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...