Friday, June 23, 2017

දෙස් විදෙස් සුපතළ වන්දනීය ශ්‍රී පාදස්ථානය




සොබා දහමේ මනහර නිමැවුමකැයි විස්තර කළ යුතු සමන්ත කූටය ජගත් ආකර්ෂණයට පාත්‍ර වූයේ අනාදිමත් කාලයක සිටය.පැරණි නැවියන් මුහුදු සළකුණක් ලෙස යොදාගත් මෙම සමන්ත කූටය ගෞතම බුදුන් වහන්සේගේ වම් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවන ලද බවට එන ආගමික විශ්වාසයක් වෙයි.බුදුනුවන් මුනි සිරිපා සටහන මෙහි පිහිටුවා ඇතැයි විශ්වාස කරන කළ හින්දු ,කිතුණු ,ඉස්ලාම් ඈ අවශේෂ භක්තිකයෝ තම තමනට අයත් ආගම් කර්තෘවරුන්ගේ පා සටහන් සමණළ කඳු මුදුනේ විද්‍යමාන වෙතීයි විශ්වාස කළහ.පා සටහන පිළිබ ප්‍රවෘත්තිය පෙරපර දෙදිග ලෝකය පුරා පැතිරෙත්ම විවිධ බැතිමත්හු ඒ නරඹනු පිණිසද ,වන්දනා කරනු පිණිසද සමන්ත කූටයට නැගීමේ අරමුණ ඇතිව ශ්‍රීලංකාව බලා යාත්‍රා කළහ.එදා සිට අද දක්වා ශ්‍රී පාදය පිළිබ යශෝරාවය දේශ දේශාන්තරයන්හි පැතිර පවතී.


සමනළ කන්ද පිළිබව හින්දු භක්තිකයන් ඉදිරිපත් කරන අදහසට අනුව ඔවුන් සමනළ කන්දට පුද පූජා පවත්වන්නේ ස්වර්ගයට ආසන්නව තියෙන කන්ද යන අදහසිනි.එනිසා එය "  සුවන්ග්‍රාම් " නම් විය.තවත් මතයකට අනුව එය ශිව දෙවියන්ගේ පාසළකුණ බව පිළිගනී.එනිසා "සිවනොලි පාදම්"ලෙස එය හුන්වයි.ක්‍රිස්තු භක්තිකයින් පිළිගන්නේ සිරිපා කඳු මුදුනේ තිබෙන්නේ ආදම්ගේ  පා සටහන බවයි.ආදම්ගේ කඳු  මුදුන යන අර්ථයෙන් ඇඩම්ස් පීක් යැයි ව්‍යවහාර කෙරේ.මෙම කරුණ ප්‍රකටවත්ම ලොව අන් රටවල ක්‍රිස්තු භක්තිකයෝද ලංකාවට පැමිණියහ.මුස්ලිම් බැතිමත්හු එම පා සටහන මහම්මද් තුමාගේ පා සටහන යැයි සළකති.ඉස්ලාම් භක්තිකයන් මෙම කන්ද "අල්රූහස්" යන නමින් හඳුන්වති.මෙසේ ආගමික වශයෙන් විවිධ ජාතීන් ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බව මේ අනුව පැහැදිලි වෙයි.



ක්‍රි.ව 851 දී මෙහි පැමිණි අරාබි ජාතික සුලයිමන්ද ,මොරොක්කෝවේ ටැන්ජියර්ස් නුවර උපන් අරාබි ජාතිකයකු වූ ඉබන් බතූතා කියා සිටියේ මෙම පා සටහන පාරාදීසයෙන් පහ කරන ලද ආදම්ගේ බවයි.ඔහුගේ චාරිකා සටහන් මගින් ඔහු ශ්‍රී පාදය වදින්නට ගිය බව පැහැදිලි වේ.ක්‍රි.පූ. 20 දී දිවයිනට පැමිණි කාශ්මීරයේ ශ්‍රී මේඝවර්ණ රජු කියා ඇත්තේ මෙම පා සටහන බුදුන් වහන්සේගේ බව නියත වශයෙන්ම කිව හැකි බවයි.එය රාජ තරංගනී ග්‍රන්ථයේද සහන් වේ.ලක්දිව ඈත පෙදෙස්වල පමණක් නොව මහා සමුද්‍රයටත් සමන්කුළ පෙනුණු බව විවිධ ලේඛනයන්හි සහන් වේ.නැව්වලින් මුහුදේ යාත්‍රා කරද්දී ඈතදීම සමන්ත කූටය දර්ශනය වූ බව රාජාවලියේ සහන් ප්‍රකාශයකින් මෙසේ කියවේ.

" එක දා උපන් යෝධ පිරිවරක් නැවට දමා මුහුදට නංවා ඇරිය තැන නැව රුහුණු රට දෙසට ගොඩබලා උන් විට එනුවර වාසීන්ගේ උගහටීන් සමන්තකූට පර්වතය මහමුහුද මැදදී දැක්කාහ. "
ගාලු වරායට එන නැව්වලට මෙම කඳු මුදුන පෙනෙන බව කියා ඇත.එනිසා " රුහුණෙන් " යන නම සමනළ කන්දට ව්‍යවහාර  වූ බව කියවේ.හයවන  සියවසට අයත් දෙමළ ග්‍රන්ථයක් වන " මනිමේඛලෙහි"
 සිරිපා වන්දනාව පිළිබව සහන්ව ඇති අතර දකුණු ඉන්දියානු බෞද්ධයින් අතරද එය ප්‍රසිද්ධව පැවති බව එයින් ඔප්පු වේ.මෙරටට පැමිණි සංචාරකයකු වූ මාර්කෝ පෝලෝගේ චාරිකා විස්තරයේ සමන්ත කූටය පිළිබ මෙසේ දක්වා ඇත.

"
 සෙයිලාන් දූපතේ ඉතා දිග උස් කන්දක් ඇත.එම කන්ද ඉතා ප්‍රපාතාකාරය.එබැවින් එහි නැගීමට දම්වැල් උපයෝගී කර ගනු ලැබේ.මින්සුන් එහි උඩට නැගීමට දම්වැල් උපයෝගී කර ගනු ලැබේ.මිනිසුන් එහි උඩට නගින්නේ ඉතා අසීරුවෙනි.සරසින්වරුන් කියන්නේ මානව වර්ගයාගේ ආදීම පීතෘවරයා වන ආදම්ගේ සොහොන එහි තිබෙන බවය.එහෙත් පිළිම වන්දනාකාර බෞද්ධයන් කියන්නේ සර්වඥයන් වහන්සේගේ සොහොන සමන්ත කූටය මත තිබෙන බවය. " ඔඩොරික් පූජකවරයා ඉතාලියේ යූඩින්  නගරයේ සිට චීනය, ඉන්දියාව, හා ශ්‍රී ලංකාව යන රටවලට පැමිණ ඇත.ඔහුගේ විස්තරයේ ශ්‍රීලංකාව ගැන මෙසේ සහන් වෙයි.

" මෙම රටේ ඉතා උසට නැගුණු කන්දක් තිබේ.ආදම් තම පුත්‍රයා වෙනුවෙන් අවුරුදු  සියයක් මේ කන්දේ අමින් සිටි බව ජන ව්‍යවහාරයේ එන කතාවකි.මේ කන්ද මැද කොටසේ අලංකාරවත් තැනිතලා පෙදෙසක් තිබේ.එහි විශාල නොවූ එහෙත් ඉතා ගැඹුරට ජලය පිරුණු විලක් ඇත.ආදම්ගේ සහ ඒවාගේ කඳුළුවලින් මේ විල පිරී ඇතැයි ඔවුහු පවසති.එහෙත් මෙය සත්‍යයකැයි මම විශ්වාස නොකරමි.පස් අතරින් මතු වී එන දිය උල්පත් මෙහි දක්නට තිබේ. මේ ප්‍රදේශයේ බහුලව කුඩැල්ලෝ ද සිටිති. "

ක්‍රි.ව.1817 දී පමණ සමණල නැගි ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ජෝන් ඩේවි සිය වාර්තාවේ ඒ පිළිබ බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.එකල සමනළ කන්දේ  ප්‍රසිද්ධිය මුළු ලොව පුරා පැතිර පැවති බව ඩේවි සහන් කරයි.සමනළට යන මාර්ගයේ අම්බලම් තනා තිබූ අයුරුත් ඒවායේ 200ට වැඩි පිරිසක් රැඳී සිටිය බවත් ඔහු සහන් කරයි.මෙයින් නවාතැන් පහසුකම් එකළ සපයා තිබූ බව පැහැදිලිවෙයි.



එදා මෙදා තුර    නොයෙක     බැතිමතුන්ගේ නිරන්තර ගෞරවාදරයට හා වන්දනාමානයට ලක්වන ශ්‍රී පාදස්ථානය දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානයට පාත්‍රවූ සුවිශේෂී ස්ථානයක් බව දේශාටන වාර්තාවලින් හමුවන සාධක මගින්ද තහවුරු වන බව හඳුනාගත හැකි ය.එබැවින් වන්දනීය බැතිමතුන්ගේ මෙන්ම ස්වභාව ධර්මයට ලැදි සංචාරකයින්ගේ සුන්දර සංචාරක තෝතැන්නක්  ලෙසද  උතුම් ශ්‍රී පාදස්ථානය හැදින්විය හැකිය.


5 comments:

  1. godaakma wadagath article ekak.

    ReplyDelete
  2. වන්දනීය පූජනීය ශ්‍රීපාදස්ථානය

    ReplyDelete
  3. Goyang Casino Hotel in the center of the Great Smoky Mountains of
    casino hotel. Goyang Casino Hotel in the 벳 365 주소 center of the 메이플슬롯강화 Great Smoky Mountains of the 온라인바카라사이트 U.S. is 해외 토토 located near 캔토토 U.S. Route 99, Exit 99.

    ReplyDelete

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...