Friday, June 23, 2017

සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා සහභාගීත්වය


සංචාරක කර්මාන්තය අද වන විට ලොව විශාලතම කර්මාන්ත වලින් එකක් ලෙස වර්ධනය වී පවතී.ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික ආර්ථික යාන්ත්‍රණයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳාමෙහි තුන්වන ස්ථානය හිමි කරගෙන තිබේ.සංචාරක ව්‍යාපාරයේ න්‍යශ්ටිය ලෙස සංචාරකයා හැඳින් වේ.සංචාරකයා හැඳින්වීම සහා  නිර්වචන රැසක් ඉදිරිපත්ව ඇත.ලෝක සංචාරක සංවිධානයට අනුව සංචාරකයෙකු යන්න මෙසේ හඳුන්වා ඇත.



" සංචාරකයා යනු තමන්ගේ සාමාන්‍ය ජීවත්වන පරිසරයෙන්  තාවකාලිකව බැහැරව වෙනත් ප්‍රදේශයකට හෝ  රටකට ගමන්කරන සහ එම ගමනාන්තයේ අවම වශයෙන් එක් රාත්‍රියක් ගත කරන (මාස 12කට නොවැඩි )එම සංචාරයෙන් තමන්ට ආදායම් ප්‍රතිලාභයක් නොලබන පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනේ.

සංචාරයේ ආරම්භයේ සිටම අවසානය දක්වා සංචාරකයා තම සංචරණය සාර්ථක කර ගැනීමට ලබාගන්නේ සේවාවන් බැවින් මෙම කර්මාන්තය සේවා කර්මාන්තයක් ලෙස විද්වතුන් දක්වයි.එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ සංචරණය කරනු ලබන්නේ මිනිසුන් වන බැවින් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඒ ඒ ස්ථානවලදී ලබාදෙනු ලබන්නේ මිනිසුන් වන අතර ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඒ ඒ අවස්ථාවලදී ලබා දෙන්නේ මිනිසුන් විසිනි.එබැවින් මෙම කර්මාන්තය මිනිසුන්ගේ කර්මාන්තයක් ලෙස ඇතැම් විද්වතුන් දක්වයි.


සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයෙහිලා විවිධ සාධක බලපවත්වනු ලැබේ.සංචාරකයා ව්‍යාපාරය සංවර්ධනය කිරීම සහා ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.එකී සම්බන්ධය ලබාගැනීම සහා ජන මනස සැකසිය යුතුය.ආර්ථිකයේ ශක්තිමත්භාවය තීරණය කිරීමට සංචාරක කර්මාන්තය හේතුවන බැවින් සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ජනතාව වෙතද ගලා යායුතුය.


සංචාරක කර්මාන්තයේ විවිධ සංචරණ විදීන් පවතී.ග්‍රාමීය සංචරණය, ග්‍රාමීය ප්‍රදේශවල සංචරණය, කෘශි සංචරණය,ප්‍රජා සංචරණය වැනි අවස්ථාවන් සෘජුවම ප්‍රජාව හා බැඳී පවතී.මෙම සංචරණ විධීන් තුළින් සිදුවන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරයේ යෙදෙමින් එම ජනතාවගේ සංස්කෘතිය, සාම්ප්‍රධායික ජීවන රටාවන් පිළිබ(ජීවනවෘත්තීන් හා රටාවන්,දෛනික ක්‍රියාකාරකම්, ආහාරපාන ,චාරිත්‍ර-වාරිත්‍ර,) ආදිය අධ්‍යයනය  කිරීම,එම ක්‍රියාකාරකම්වල නියැලෙමින් අත්දැකීම් ලබා ගැනීම,මෙන්ම සාම්ප්‍රධායික හෝටල් කාමරය වෙනුවට එම පරිසර පද්ධතිය තුළ නවාතැන් ගැනීමද මෙහිදී සිදු වේ.




මෙමගින් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට යොදා ගැනීම විශේෂත්වයකි.ප්‍රජා සංචරණය තුළින් ලැබෙන ප්‍රතිලාභ එම ප්‍රජාවේ සංවර්ධනයටම යොදා ගැනේ.

ප්‍රජා සම්බන්ධතාවය ඇති කිරීමෙහිලා Home stay  , You Pick up system වැනි සංකල්ප මෙන්ම ප්‍රජා සංචාරක ගම්මාන ආරම්භ කිරීම වැදගත් වෙයි. Home stay අරමුණ වන්නේ විදේශික සංචාරකයින්ට අපගේ සංස්කෘතිය අත්විඳීමට අවස්ථාවක් ලබාදීම යි.



ශ්‍රී ලංකාව සත්කාරයට ලැදි මිනිසුන් සිටින රටකි.නමුත් සංචාරක ව්‍යාපාරය හා මෙරට පොදු ජනයා අතර දුරස්ථ බවක් පවතී.මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ජනයා වෙත බෙදී යෑමේ ගැටලු පවතී.සාමාන්‍ය ජනතාව හා සංචාරක ව්‍යාපාරය අතර ඇතිවන දුරස්ථ භාවය මත ගැටලු මතුවේ.

මෙම පාර්ශව දෙක අතර සබතාව ඇති කිරීමට මාධ්‍යයට විශේෂ වගකීමක් ඇත.එපමණක් නොව සංචාරක බලධාරීන්ද මේ සම්බන්ධව විධිමත් පියවර දියත් කළ යුතුය. Home stay  , ප්‍රජා සංචාරක ගම්මාන වැනි ව්‍යාපෘති මගින් මෙම සම්බන්ධතාවය ශක්තිමත් කළ හැකිය.

2 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...