Monday, June 12, 2017

ෆේස් බුක් මාධ්‍යය අවභාවිතය හා තාරුණ්‍යය




සමාජ ජාල මාධ්‍ය අතුරෙන්  ෆේස්බුක් මාධ්‍ය ජන ජීවිතය අතික්‍රමණය කර තිබෙන්නේ අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් සහ බලපෑම්කාරී ලෙසට ය.ෆේස්බුක් මාධ්‍ය පිළිබ සාකච්ඡාවේදී එහි ධනාත්මක මෙන්ම නිශේධනාත්මක අගයන් සම්බන්ධව සාකච්ඡා කළ යුතුය.මෑත කාලීනව සමාජයේ බොහෝ දෙනෙක් සාකච්ඡාවට බඳුන් කළ එක් මාතෘකාවක් වුයේ ෆේස්බුක් අවභාවිතා කිරීම නිසා සිදුවන තරුණ සහ පාසැල් සිසුන්ගේ ජීවිත හානි මෙන්ම උදාවන අහිතකර ප්‍රතිඵල පිළිබඳවයි.මෙසේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මෙම සමාජ වෙබ් අඩවි අවභාවිතය වැලැක්වීමට ලංකා පාර්ලිමේන්තුව නීති සම්මත කර නොතිබීම ප්‍රධාන ගැටලුවකි.එබැවින් මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු කාලය උදා වී තිබේ.අන්තර්ජාලය මගින් කරන අපරාධ ,දුරකථන මගින් කරන අපරාධ ,සමාජ වෙබ් අඩවි මගින් කරන අපරාධ වැලැක්වීමට ප්‍රමාණවත් නීතියක් අපරට තුල නොමැත.

2017 වසරේ  ගත වූ මාස 04 ක කාලය තුළ ශ්‍රීලංකා පරිගණක හදිසි තොරතුරු ප්‍රතිචාර සංසදය වෙත ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි 1100 ක් ලැබී තිබේ.මෙම පැමිණිලිවලින් සියයට අසූවකට අධික සංඛ්‍යාවක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කරයි.ෆේස්බුක් ගිණුම්වල මුරපදය අමතක වීම්, සොරා ගැනීම් සම්බන්ධයෙන් එම සංසදය වෙත තොරතුරු ලැබී ඇත.ෆේස්බුක් මාධ්‍ය යේ ප්‍රබල බලපෑම එල්ලවන්නේ තාරුණ්‍යයටය.නාඳුනන ෆේස්බුක් ප්‍රේම සබඳතා නිසා බිලිගත් තරුණ ජීවිත සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී.එබැවින් මෙම මාධ්‍යයට නිසි නියාමන ක්‍රමවේදයක් අවශ්‍යය.


ලංකා නීතිය තුල අපරාධ වැරදි විග්‍රහ කරන මුලිකම නීතිය දණ්ඩ නීති සංග්‍රහයයි.එය වසර ගණනාවක් පැරණි ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය ආශ්‍රයෙන් සකස් කරන ලද නීතියකි.ඉන්දියාව ඉංග්‍රීසි නීතිය පදනම් කරගෙන ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහය සකස් කරන ලදී. අපට අපේම කියා නීති පද්දතියක් නැත.ඉංග්‍රීසි නීතිය ,රෝලන්දේසි නීතිය ,රෝම නීතිය ,උඩරට නීතිය ,තේසවලාමේ නීතිය ,මුස්ලිම් නීතිය යන නීති පද්ධතිවල කොටස් වලින් සකස්වූ අච්චාරු නීතික්‍රමයක් අප අනුගනය කරයි.
.

පරිගණක සහ අන්තරජාල අපරාධ වැලක්වීමට ලංකා පාර්ලිමේන්තුව අණපනත් කිහිපයක් පනවා ඇත.එනම් ,



1.The evidence (special Provisions) Act No 14 of 1995

2.The information and communication Technology Act No 27 of 2003

3.Payment and Settlement System Act No 28 of 2005

4.The Electronic Transaction Act No:-19 of 2006

5.The payment devises Fraud Act No 30 of 2006

6.The computer crime Act No 24 of 2007

මේ අනුව ෆේස් බුක් සමාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීතිය අදාල කර ගත යුත්තේ පරිඝනක අපරාධ සම්බන්ධයෙන් වන වර්ෂ 2007 අංක 24 දරණ පර්ඝණක අපරාධ පනතයි.මේ පනත යටතේ වැරදි 10 කට අසන්න වැරදි ප්‍රමාණයක් විස්තර කර ඇති නමුත් ෆේස් බුක් සම්බන්ධයෙන් කරන අපරාධ මේ පනත යටතේ වෙනත් නීතියක් යටතේ අදාල කරගත නොහැක.එනම් එම පනත යටතේ computer hacking, computer cracking,unauthorised Modification, වශයෙන් ඇතුළු වැරදි විග්‍රහ කරයි.

ෆේස් බූක්හි සැලකිය යුතු පිරිසක් වැරදි තොරතුරු ඉදිරිපත්කොට අන්‍ය අයෙකු ලෙස පෙනී සිටී.මේ නිසා ලංකාවේ පවුල් ජීවිත කඩා කප්පල් වන ප්‍රමාණය ඉතා ඉහල වන අතර ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ නැත.නමුත් මේ තත්ත්වය වැලැක්වීම ප්‍රයෝගිකව එතරම් සරල නැත.නමුත් එය කළ හැක.මුලින්ම එකී වැරදි හඳුනාගෙන අවශ්‍ය නීති පැනවීම අනිවාර්යෙන්ම කළ යුතුය.වෙබ් අඩවියක් සඳහා ඩොමේන් නාමයක් ලබා දීමේදී පටන් මෙය ආරම්භ කළ යුතුය.

තාරුණ්‍යය සුන්දරය.ක්‍රියාශීලීය.හැගීම්බරය,එපමණක් නොව විප්ලවකාරීය.එනිසාම නව ප්‍රවණාතවන්ගේ ගොදුරුකරුවන් බවට තාරුණ්‍යය ගොදුරු වීම දක්නට ලැබේ.ෆේස්බුක් හරහා අන්තර් සබදතා වර්ධනය කර ගැනීමටත් ,මිතුරු හවුල් පවත්වාගෙන යාමටත් ක්‍රියා කළද එය සංයමයෙන් හා මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතුව සිදු කරලීමට තරුණ ප්‍රජාව සවිඥානික විය යුතුය.එසේ වීමෙන් සමාජය  නිර්වින්දනය කරන ෆේස්බුක් මාධ්‍ය අවභාවිතයෙන් මිදී තාරුණ්‍යය ආරක්ෂා කර ගැනීමට හැකියාව උදාවේ.

4 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...