Thursday, May 25, 2017
Friday, May 19, 2017
Saturday, May 13, 2017
දෙවියන් මැව්වේ මිනිසුන් ය.
- දෙවියන් මැව්වේ මිනිසුන්ය -
දෙවියන් මිනිසුන් මැව්වේ නැත.
දෙවියන් ද මැව්වේ මිනිසුන්ය.
එසේ වූ කල මිනිසා මහා බලවතෙකු යැයි කිව යුතුව ඇත.
දෙවියන් ඇත්තේ මිනිසා අතරේ ය.
මිනිසා දෙවියන් විය යුත්තේ මිනිසාට ය...
කලුගල් මේ තරම් සියුමැලි ද?
කලුගල් සියුමැලි වූයේ නැත .
අකීකරු කලුගලට
කීකරු බව එක් කළේ මිනිසා ය.
රලු බවට සියුමැලි බව එක් කළේ ද මිනිසා ය.
එනමුදු ,
ගරු බුහුමන,පූජනීයත්වය එක් වන්නේ දෙවියන්ට ය.
දෙවියන් තනන්නට කලුගලට සියුමැලි බව ලබා දුන් මිනිසාගේ දෑතට එක් වන්නේ
විඩාබර වේදනාවත්, කරගැටත් පමණද?
එනමුදු, දරා හැම දේම සම සිතින්
තබා නලළත කරගැට පිරි දෑත්
නමස්කාර කරයි ඔහුද
දෑතින් නිමවන දෙවියන්ට බැති සිතින්,
උපදවා දහම් ගුණ...
දෙවියන් මිනිසුන් මැව්වේ නැත.
දෙවියන් ද මැව්වේ මිනිසුන්ය.
එසේ වූ කල මිනිසා මහා බලවතෙකු යැයි කිව යුතුව ඇත.
දෙවියන් ඇත්තේ මිනිසා අතරේ ය.
මිනිසා දෙවියන් විය යුත්තේ මිනිසාට ය...
කලුගල් මේ තරම් සියුමැලි ද?
කලුගල් සියුමැලි වූයේ නැත .
අකීකරු කලුගලට
කීකරු බව එක් කළේ මිනිසා ය.
රලු බවට සියුමැලි බව එක් කළේ ද මිනිසා ය.
එනමුදු ,
ගරු බුහුමන,පූජනීයත්වය එක් වන්නේ දෙවියන්ට ය.
දෙවියන් තනන්නට කලුගලට සියුමැලි බව ලබා දුන් මිනිසාගේ දෑතට එක් වන්නේ
විඩාබර වේදනාවත්, කරගැටත් පමණද?
එනමුදු, දරා හැම දේම සම සිතින්
තබා නලළත කරගැට පිරි දෑත්
නමස්කාර කරයි ඔහුද
දෑතින් නිමවන දෙවියන්ට බැති සිතින්,
උපදවා දහම් ගුණ...
Wednesday, May 10, 2017
වත්මන් ගීත කලාවේ අර්බුදය
වත්මන් ගීත කලාවේ අර්බුදය
ජීවිතය හරියට ගීතයක් වගේ. ජීවිතය ගීතයක් වු කල එයට අරුතක් ගෙන එන්නේ අත්දැකීම්.ජිවිතයේ ගතවී යන කාලය කලාත්මකව හසු කර ගනිමින් එය කලාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමට ගීතයට ඇත්තේ ඉමහත් හැකියාවක්.එනිසාම ගීතය කියන්නේ රිදුණු , තැවුණු, බිදුණු, සැනසුණු සිත් සතන් නිවා සනහාලන දිව ඔසුවක්.ගීතය කලාවකි.කලාව ඇත්තේ මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමට ය.
සෙසු මාධ්‍යයන්ට සාපේක්ෂව ගීත මාධ්‍යය මිනිසා හා සමීපව බැදී ඇත.ජීවිතයේ නෙක අත්දැකීම් අමුණා පබදින ගීතයට සංගීතය නැමති විශ්ව භාෂාවේ රිද්මය මුසු වූ කල ඇත්තේ විදින්නට හැකි සෞන්දර්යයකි.ගීතය ඇවැසි වන්නේ විදින්නට ය. හේනේ, පැලේ, කමතේ, බඩවැටියේ තම ජීවිතය දිය කර හැරි අතීත මිනිසාගේ පාළුව , කාංසිය වෙහෙස නිවන්නට ඔවුහු ජන ගී, ජන කවි ගායනා කළහ.ඒ ගීත ශ්‍රවණය තුළින් අදත් හමා එන්නේ එදා ජනදිවියේ වූ අපූර්ව නිර්ව්‍යාජ ගැමි සුවදයි.අතීත ගීතයේ විදින්නට බොහෝ දෑ තිබේ.ගීතයේ අත්දැකිම්,රිද්මය , තාලය, ස්වරය ආදි සියල්ලක්ම කලාත්මක ය. පුද්ගල රසභාවයන් අවදි කරන්නට, ඒවාට ආමන්ත්‍රණය කරන්නට අතීත සුභාවිත ගීතයට දැනුදු හැකියාව පවතී.
වත්මන් සමාජ සංදර්භය සංකීර්ණ ය. සියල්ල රුපියල් සත මත තීරණය වන ෆැන්ටසි සමාජයක් උදා වී තිබේ.එම වාණිජ සමාජ ක්‍රමය තුළ අද ගීතයේ කලාත්මක රසය විදිනවා වෙනුවට අද ගීතය ඇත්තේ විදවන්නට ය.බෙර ගණයේ වාද්‍ය භාණ්ඩයකට නටන්නට අත් පා සොලවන හරසුන් ගීත කලාවක් තරගකාරීව බිහිවෙමින් පවති.එම ගීතයේ විදින්නට දෙයක් නැත. සංයමයක් ද නැත.පුද්ගල රසඥතාවය වර්ධනය කරන්නා වූ පරිකල්පනීය ශක්තියක් වත්මනේ බොහෝ ගීතවල නැත. හුදු විලාප ,අදෝනා පමණක් බහුලව ඇසෙන එම ගීතයන් කලාත්මක හා නිර්මාණාත්මක අංශයෙන් අර්බුදයට ලක්ව තිබේ.එනිසා සහෘද ශ්රාවකයාට වත්මනේ ගීත විදිනවා වෙනුවට විදවන්නට සිදුව තිබීම කණගාටුවට කරුණකි.
ගීතය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන ඇතැම් විෂුවල් දර්ශන ඔස්සේ දෘශ්‍ය මායාවකින් ඇස පිනවා සතුටු කරන්නට ගිත කලාව ව්‍යාපාරයක් කර ගත් ඇතැම් බොහෝ අශ්ලීල නිර්මාණකරුවෝ ක්‍රියා කරති.එයින් සහෘද ශ්රාවකයා දෘශ්‍ය මායාවක ගොදුරුකරුවන් වනවා විනා පරිකල්පනීය ඥානයකින් ගීතය ආත්මියව රසවිදින්නෙකු වන්නේ නැත.එහි බරපතල ස්වභාවය වන්නේ කිසිදු සංවේදීභාවයකින් තොර යාන්ත්‍රික රොබෝ මිනිසකු නිර්මාණය වීමයි.එබැවින් අදත් හෙටත් මතුවටත් අවශ්‍ය වන්නේ හරසුන් ගීත මඩ ගොහොරුවෙන් ඉහළට එසවුණු අර්ථයෙන් සුපෝෂිත ගී පියුම් විනා කලාත්මක බවින් පිරිහුණු වාණිජමය ගීත කලාවක් නොවේ.
Monday, May 8, 2017
නුඹත් රජෙකි පුතුනේ
මහා මැදුරක ඉපදුණා නම්
නුඹත් රජෙකි පුතුනේ,
නුඹේ දූවිලි පුසුඹ නෑ මට
කිරි සුවද මිස ළංවුණේ,
කිමද අකලට වීදියේ මල්
කැකුලු මැද නුඹ පිපුණේ,
මමද ළතැවෙමි, නොමැත අහිතක්
නුඹ කෙරෙහි මට ඇතිවුණේ....
කිත් යසස් , සැපඉසුරු සම්පත්
පුතේ නුඹටයි නොලැබුණේ,
ඒ සියලු යස ඉසුරු සම්පත්
මහා මැදුරට හිමිවුණේ
එපා අහිතක් හිතන්නට නුඹ
කිසි කලෙක දෙවියන් ගැනේ
නුඹේ නිවසේ ලිපිනයයි පුතේ
දෙන දෙවියෝ ළග නොතිබුණේ.....
Subscribe to:
Posts (Atom)
ගබ්සාව
ගබ්සාව සමාජ ගැටලුවක්ද? ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...

-
මානව සම්පත් කළමනාකරණ කාර්යයන් ආකර්ෂණය ආයතනයේ රැකියා සඳහා යොමුවීමට රැකියා අපේක්ෂකයන් තුළ උත්තේජනයක් ඇති කළ යුතු ය.ආකර්ෂණ...
-
මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම මිනිසාගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතන බහුල...
-
කවිය , ගීතය වනාහි මිනිසාගේ ගිනිගත් චිත්ත සන්තානය සහන් සුවයෙන් සතපවාලන දිව ඔසුවකි. එදිනෙදා ස්වකීය වෘත්තීය ජීවිතය තුළ වූ පාළ...